electronic sinhalen

සිංහල භාෂාවෙන් විද්‍යා හා තාක්ෂණ කරුණු ලබාදෙන, SENRO-TECH යුගයේ අපූර්වතම විද්‍යා හා තාක්ෂණ ගෙව්ශණය. SENROTECH is all about connecting you to the Technologies ©Copyrighted

Saturday, May 27, 2017

electronic sinhala lesson - ඉලෙක්ට්‍රොනික්ස් 8

Resister (ප්‍රතිරෝධක) - 2  (E Series)


#


මෙහි දක්වා ඇත්තේ ඕම් 100 සිට ඕම් 1000 දක්වා ප්‍රතිරෝධයන් නියෝජනය කිරීමට යොදාගන්නා ලද ප්‍රධාන ප්‍රතිරෝධක අගයන් වේ.මෙහි E අකුරට පසුව ඇති අගයෙන් 100-1000 අතර ඇති මූලික ප්‍රතිරෝධක ප්‍රමාණය පෙන්වයි. ඒ අනුව E3 දී මූලික ප්‍රතිරෝධයන් 3කි. E6 දී මූලික ප්‍රතිරෝධයන්  6ක් ද ආදි ලෙය E192 දී මූලික ප්‍රතිරෝධයන්  192 ක් ඇත.මෙම මුලික අගයන් මගින් ඉතිරි පරාසවල (1-10 , 10-100, 1000-10000, 10000-100000) අගයන් ලභා ගත හැක. මේ අනුව පැහැදිලි වන්නේ  ශ්‍රේණියේ ඉහලට යන විට නිශ්පාදණය කරන ප්‍රතිරෝධ ප්‍රමාණය ඉහල යන අතර නිරවද්‍යතාවයද ඉහල යයි. ශ්‍රේණියේ ඉහලට යන විට ප්‍රතිරෝධවල මිලද  ඉහල වේ.අදවන විට E3 හා  E6 ශ්‍රේණිවල ප්‍රතිරෝධයන්  නිෂ්පාදනය නොකරනු ලබයි.


තවද පරිපථ නිර්මාණය කිරීමේදි විවිධ අගයන්ගෙන්  ප්‍රතිරෝධයන් අවශ්‍යවේ.එහිදී ඊට අවශ්‍යය නිවැරදිම ප්‍රතිරෝධී අගය සහිත ප්‍රතිරෝධය  ලබාගත නොහැකිවිය හැක.එහිදී අප කලයුත්තේ එම අගයට ආසන්නම සමාන අගය තෝරාගැනීමයි.

එහිදී ද ශ්‍රේණියේ ඉහලට යන්නට වඩා නිරවද්‍යතාවයකින් සහිත ප්‍රතිරෝධක අගයක් තෝරාගත හැක.එනම් ඉහල ශ්‍රේණිවල වැඩිපුර ප්‍රතිරෝධක ප්‍රමාණයක් නිර්මාණය කරනු ලබයි.


මේ අනුව පැහැදිලි වන්නේ පරිපථ නිර්මාණය කරන විට යම් නිශ්චිත අගයකට පමණක් ක්‍රියාකරන පරිදි පරිපථ සැලසුම් නොකල යුතු අතර අගයන් පරාසයක ක්‍රියාකරන පරිදි පරිපථ සැලසුම් කල යුතුය.