electronic sinhalen

සිංහල භාෂාවෙන් විද්‍යා හා තාක්ෂණ කරුණු ලබාදෙන, SENRO-TECH යුගයේ අපූර්වතම විද්‍යා හා තාක්ෂණ ගෙව්ශණය. SENROTECH is all about connecting you to the Technologies ©Copyrighted

Tuesday, May 2, 2017

electronic sinhala lesson - ඉලෙක්ට්‍රොනික්ස් 1




මිනිසාගේ එදිනෙදා අවශ්‍යතාවන් පහසුකරගැනීමට මෙවලම් නිර්මාණය කිරීම සහ සංනිවේදනය යන කරුනු මත තාක්ෂණය දියුනු වෙමින් පවතී.මෙලෙස තවදුරටත් මෙම තාක්ෂණ දියුනුව සිදුවුවහොත් තවත් දශකයක් ගතවු පසු අපට සිතාගත නොහැකි දෑ රාෂියක් බිහිවීමට පුලුවන. එවිට අප අද භාවිතාකරන තාක්ෂණික මෙවලම් යල් පැනගිය දෑ අතරට එක්වනු නියතය.


අදවන විට සියලුම ක්ෂේත්‍රයන්ට මෙම තාක්ෂණය එක් වී ඇත.මෙම සෑම ක්ෂේත්‍රයකම භාවිතාකරන මෙවලමකම පාලනය කරන පාලන කොටස ඉලෙක්ට්‍රොනික පරිපථයකින් සිදුකරයි. එහෙයින් මේ සෑම  ක්ෂේත්‍රයකම දියුනුවට මුලික කරුන ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ දියුනුවයි.

අනෙකුත් තාක්ෂන ක්ෂේත්‍ර හා සසදන කල ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයට ඉතා දිගු ඉතිහාසයක් නොමැති උවත් මේ සෑම තාක්ෂන ක්ෂේත්‍රයකම දියුනුවට ප්‍රධානම හේතුව ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ දියුනුවයි. එහෙයින් ඉලෙක්ට්‍රොනික තාක්ෂනය අපගේ සමීපතම අංගයක් බවට පත්ව ඇත.එනම් අප අත්දකින සෑම තැනකම ඇත්තේ නොයෙක් ආකාරයේ ඉලෙක්ට්‍රොනික මෙවලම්ය.එසේම ඉලෙක්ට්‍රොනික පරිපථයක් නොමැති කිසිම මෙවලමක් හෝ උපකරණයක් සොයාගැනීමට නොහැකි තරම්ය.මීට හේතුව මේ සෑම මෙවලමකටම හා උපකරණයකටම ඉලෙක්ට්‍රොනික තාක්ෂනය යොදා ගෙන කෘතිම බුද්ධියක් එක්කාසු කල හැකි වීමයි.එබැවින් ඉලෙක්ට්‍රොනික තාක්ෂනය අපගේ ජිවිතවලට යලි වෙන්කලනොහැකි අයුරින් බද්ධ වී ඇත.

ලෝකයේ දියුනු රටවල් හා සසදනකල අප රටේ ඉලෙක්ට්‍රොනික ක්ෂේත්‍රයේ ඇති වී ඇති දියුනුව ඉතා අඩුමට්ටමක පවතී. ඊට හේතුවී ඇත්තේ සිංහල භාෂාවෙන් දැනුම ලබාගැනීමට ඇති අවස්ථා කිසිසේත්ම ප්‍රමානවත් නොවීමයි.එබැවින් ඉලෙක්ට්‍රොනික තාක්ෂනය පිලිබදව හා ඉලෙක්ට්‍රොනික පරිපථ නිර්මාණය පිලිබදව යම් හෝ දැනුමක් ලබාදීම අරමුන වේ.

ඉලෙක්ට්‍රොනික පරිපථ නිර්මාණය යම් සංකීර්න කාර්යක් උවත්, ඉලෙක්ට්‍රොනික පරිපථයකින් සිදුකරන්නේ විදුලි ශක්තිය යම් ක්‍රමවේදයකට යොදාගෙන යම් ප්‍රයෝජනවත් කාර්යක් සිදුකර ගැනීමයි.එමනිසා ඉලෙක්ට්‍රොනික තාක්ෂනය ඉගෙනීමට ප්‍රථමයෙන් විදුලි ශක්තිය පිලිබදව සලකා බැලිය යුතුය.


ශක්තිය



විශ්වයේ ශක්තිය විවිධ ආකාරවලින් පවතී. ආලෝකය, තාපය, සුළග, විද්යුත්, රසායනික, න්යෂ්ටික හෝ වෙනත් විවිධ ආකාරවල පවතී.මෙලෙස විවිධාකාරයෙන් ශක්තිය පවතීම නිසා ශක්තිය යනු කුමක්දැයි හදුනාගැනීම පහසු නැත.මෙලෙස විවිධ ආකාරයන්ගෙන් හා ස්වරූපයන්ගෙන්  ශක්තිය පැවතියත්, ශක්තිය යනු යම් කාර්යක් කිරීමේ හැකියාව වේ. ශක්ති ස්වරූපය අනුව මෙම කරන කාර්ය වෙනස් වේ.මේ අනුව මොන ආකාරයට ශක්තිය පැවතියත් මේ සෑම ශක්තියකම මූලික ලක්ෂනය වන්නේ යම් මාධ්‍යයක හෝ වෙනයම් ආකාරයකට ශක්තිය ගබඩා වී පවතින අතර යම් කාර්යක් සිදු කිරිමේදී එම ශක්තිය වැය වේ. ඒ අනුව ප්‍රධාන වශයෙන් ප්‍රබේද දෙකකට ශක්තිය වර්ග කල හැක.



 1.      ගබඩා කළ හැකි (විභව) ශක්තිය (Potential energy) ලෙස  
 2.      වැඩ කිරීම (චාලක ශක්තිය) ශක්තිය (kinetic energy) ලෙස





උදාහරනයක් වශයෙන්,පුද්ගලයකු ආහාරයට ගන්නා ආහාරවල අඩංගු වන රසායනික ශක්තිය පුද්ගලයාගේ ශරීරයේ ගබඩා කර තබාගන්නා අතර එම පුද්ගලයා යම් වැඩක් හෝ ක්‍රියාවක් කිරීමේදී චාලක ශක්තිය ලෙස භාවිතා කරයි.තවද වියළි කෝෂයක රසායනික ශක්තිය ලෙස ශක්තිය ගබඩා වී පවතින අතර විදුලි බල්බයක් සම්බන්ද කර ආලෝකය ශක්තිය ඉන් ලබා ගත හැක.මේ අනුව පැහැදිලි  වන්නේ මොනයම් ආකාරයකින් හෝ  ශක්තිය ගබඩා වී පවතින අතර යම් කාර්යක් කිරීමේදී එම ශක්තිය වැයවේ.









නූතන හෟතික විද්‍යවට අනුව විශ්වයේ පවතින ඕනෑම ශක්තියක් පවතින්නේ ශක්ති පැකට් ලෙසය.එනම් ශක්තිය කුඩා කොටස් වලට වන් කල හොත් ලැබෙන කුඩාම කොටස ශක්ති පැකට් එකක් වේ.තවත් ආකාරයකින් කිවහොත් මෙම ශක්ති පැකට් එක්වීමෙන් ශක්තිය නිර්මාණය වී පවතී. මෙම ශක්ති පැකට් ඵකක අගය (E=hf ) යන සමීකරනයෙන් ලභාදේ. ඵනම් මෙහි ගුණාකාර (E=nhf ) වලින් ශක්තිය පවතී.