electronic sinhalen

සිංහල භාෂාවෙන් විද්‍යා හා තාක්ෂණ කරුණු ලබාදෙන, SENRO-TECH යුගයේ අපූර්වතම විද්‍යා හා තාක්ෂණ ගෙව්ශණය. SENROTECH is all about connecting you to the Technologies ©Copyrighted

Saturday, May 20, 2017

electronic sinhala lesson - ඉලෙක්ට්‍රොනික්ස් 6


Passive component and Active component

විදුලි ශක්තිය යනු කුමක්ද,එය නිපදවන්නේ කෙලෙසද,විදුලිය සතු ප්‍රධාන ලක්ෂන,විදුලිය ගමන් කරන ආකාරය ආදී කරුනු තුලින් විදුලි යනු කුමක්දැයි හදුනා ගන්නා ලදී.මෙම විදුලි ශක්තිය ප්‍රයෝජනවත් ආකාරයට යොදාගෙන යම් කාර්යක් සිදුකරගැනීම  විදුලි හා ඉලෙක්ට්‍රොණික්ස් පරිපථ නිර්මාණය කිරීම තුලින් සිදුකරගනු ලබයි. විදුලි පරිපථ නිර්මාණය එතරම් සංකීර්න කාර්යක් නොවන අතර එමගින් විදුලිය සෘජුවම යම් කාර්යකට පරිවර්තනය කරනු ලැබේ.උදාහරන ලෙස බල්බයකින් අලෝකය,මෝටරයකින් චලනය ආදී ලෙස විදුලිය කෙලින්ම යම් කාර්යකට පරිවර්තනය කෙරේ.එහෙත් ඉලෙක්ට්‍රොණික්ස් පරිපථ නිර්මාණය යම් සංකිර්න කාර්යක් වේ එමගින් සෘජුවම යම් කාර්යක් සිදුනොකරනු ලබන අතර ඒ වෙනුවට විදුලිය බුද්ධිමත් ආකාරයට යොදාගනු ලබයි. එබැවින් ඉලෙක්ට්‍රොණික්ස් පිළිබදව කරුනු අධ්‍යනය කල යුතුය. ඇත්තටම  ඉලෙක්ට්‍රොණික්ස් ඉගෙන ගන්නවා යනු ඉලෙක්ට්‍රොණික පරිපථ නිර්මාණය කිරීම ඉගෙන ගැනීමයි.ඒ සදහා ඉලෙක්ට්‍රොණික පරිපථ නිර්මාණය සදහා යොදාගැනෙන උපාංග පිළිබදව හා එම එක් එක් උපාංගයේ කාර්යන් පිළිබදව දැනගත යුතුය.



ඉලෙක්ට්‍රොණික පරිපථ නිර්මාණයේදී යොදා ගැනෙන  ඉලෙක්ට්‍රොණික උපාංග ප්‍රධාන වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට වෙන්කර දැක්විය හැක.

  1. Pasive componet- මෙම උපාංග පරිපථවල කෙලින්ම යොදාගත හැකි අතර මෙම උපාංග හරවා විදුලිය ගමන්කරවා ඊට අදාල කාර්ය සිදුකරගත හැක.

ප්‍රතිරෝධක- Resister

ධාරිත්‍රක- Capacitors

ප්‍රේරක- Inductor
ට්‍රාන්ස්ෆෝමර්
මෝටර්

  1. Active component -මෙම උපාංග ඉහත පැසිව් උපාංග මෙන් කෙලින්ම යොදාගත නොහැකි අතර පිටතින් සුදුසු නැබුරු වෝල්ටීයතාවක් මගින් නැබුරුකර පරිපථවල යොදාගනු ලබයි.



    ඩයෝඩ-Diode

    ට්‍රාන්සිස්ටර-Transister

    සංග්‍රහික පරිපථ-Integreted circuit  ආදිය මේවාට උදාහරන ලෙස දැක්විය හැක