විද්‍යාව හා තාක්ෂනය දිනෙන් දින දියුණුවෙමින් විවිධ සොයාගැනීම් සහ නව නිර්මාණ බිහි වේ. එහෙයින් මොහොතින් මොහොත විද්‍යාව හා තාක්ෂනය සදහා නව දැනුම එක් වේ.මේ සමගම විද්‍යාව හා තාක්ෂනය පිළිබදව එම දැනුම ලබා ගැනීමට ඉංශ්‍රිසි බසින් දහස් ගණන් පොත් පත් සහ විවිධ මාර්ග බිහි වේ.එහෙත් කණගාටුවට කරුන නම් සිංහල බසින් එම දැනුම ලබා ගැනීමට ඇති මාර්ග බිහිවීම ඉතාම අල්ප වීමයි.එසේ වීමට හේතු වී ඇත්තේ මෙම දැනුම දන්නා අය එම දැනුම සිංහල බසින් ලබාදීමට උත්සහගෙන නොමැති වීම සහ සිංහල බසින් ලබා දීමට ඇති අකමැත්ත (උගතුන් යැයි කියන්නන්ගේ ගොබ්බ මත) වීමයි.මේ නිසා බොහෝ අයට ඉංශ්‍රිසි බසින් මෙම දැනුම ලබාගැනීම ප්රශ්නකාරී වී ඇත.එසේම සිංහල බසින් විද්‍යාව හා තාක්ෂනය පිළිබදව දැනුම ලබා දීමට ගෙන ඇති උත්සහයන් ඉතා අගය කලයුතුය.
තාක්ෂණික
දැනුමින් ඉදිරියට යන්නට නම් ඒවායේ ඇසුරේ සිටිමින් එම දැනුම ලබාගත යුතුය. අදවන විට
සියලුම ක්ෂේත්රයන්ට මෙම තාක්ෂණය එක් වී ඇත.මෙම සෑම ක්ෂේත්රයකම භාවිතාකරන මෙවලමකම
පාලනය කරන පාලන කොටස ඉලෙක්ට්‍රොනික පරිපථයකින් සිදුකරයි. එහෙයින් මේ සෑම ක්ෂේත්රයකම දියුනුවට මුලික කරුන ඉලෙක්ට්‍රොනික ක්ෂේත්රයේ
දියුනුවයි.එහෙයින් මාගේද මෙම උත්සහය සිංහල
බසින් ඉලෙක්ට්‍රොනික තාක්ෂණය
පිළිබදව යම් හෝ අධ්‍යපනික දැනුමක් ලබාදීම වේ.මෙම දැනුම ලබා ගැනීම තුලින් ප්‍රයෝජනවත් දෙයක් කරන්නේ යැයි සිතමි.
එසේම මා ගැන හැදින්වීමක් කරනවා නම්(එය එතරම් වැදගත් නොවේ),මම නමින් W.A.A.K විජේසිංහ වේ.මම විවහාරික භෞතික විද්‍යාව පිළිබදව විශේෂ උපාධියක් සහ තොරතුරු තාක්ෂණය පිළිබදව උපාධියක් ලබා ඇත. දැනට පරිඝණක ජාල කරනය හා සම්බන්ද රැකියාවක නිරත වෙමින් ඇත.