electronic sinhalen

සිංහල භාෂාවෙන් විද්‍යා හා තාක්ෂණ කරුණු ලබාදෙන, SENRO-TECH යුගයේ අපූර්වතම විද්‍යා හා තාක්ෂණ ගෙව්ශණය. SENROTECH is all about connecting you to the Technologies ©Copyrighted

Wednesday, July 1, 2020

microcontroller sinhala - මයික්‍රෝකොන්ට්‍රෝලර්ස් (pic microcontroller programming) - 42

මයික්‍රෝකොන්ට්‍රෝලර යොදාගෙන මෝටර පාලනය කිරීම - 3


PIC 16F877A මයික්‍රෝකොන්ට්‍රෝලරය යොදාගෙන DC මෝටරයක වේගය පාලනය කිරීම

මෙම කොටස තුලින් මයික්‍රෝකොන්ට්‍රෝලරය යොදාගෙන DC මෝටරයක වේගය පාලනය කරන ආකාරය විස්තර කරන අතර මේ සදහා යොදාගනු ලබන්නේද මීට පෙර වැඩසටහන සදහා යොදාගනු ලැබූ පරිපථ සටහනම මදක් වෙනස් කර වේ.

DC මෝටරවල සැපයුම් අග්‍ර මත ඇති කරන වෝල්ටීයතාවය අනුව එහි වේගය අඩු වැඩි කිරීම සිදු කල හැක.උදාහරනයක් ලෙස 12V DC විදුලියෙන් ක්‍රියාත්මක වන මෝටරයක් සදහා  12V DC විදුලියක් දුන් විට එය උපරිම වේගවෙන් ක්‍රියාත්මක වන අතර 12V ට වඩා අඩු විදුලියන් සදහා  එය කැරකෙන වේගය අඩු වේ. 

වෝල්ටීයතා ස්පන්ද වල පළල වෙනස් කිරීම මගින් වෝල්ටීයතාවය වෙනස් කල හැකි ක්‍රමයක් ලෙස PWM ක්‍රමය හදුන්වා දිය හැක.( PWM ක්‍රමය පිළිබදව මීට පෙර විස්තරත්මකව පැහැදිලි කර ඇත.) PWM ක්‍රමයේදී සිදු කරනු ලබන්නේ වෝල්ටීයතාවය පවතින හා නොපවතින කාලය අතර අනුපාතය වෙනස් කිරීම මගින් සාමාන්‍ය වෝල්ටීයතාවය වෙනස් කර ගැනීමයි.ඒ අනුව පහත දැක්වෙන්නේ එලෙස කාල අනුපාත වෙනස් කිරීම මගින් සාමාන්‍ය වෝල්ටීයතා වෙනස් වන ආකාරය වේ.


ඉහත රූප සටහන බැලූවිට පෙනෙන කරුන නම්, විදුලිය සපයා තිබෙන කාලය හා විදුලිය විසන්දි කර තිබෙන කාලය යම් සංඛ්‍යතයකට පවත්වා ගැනීම මගින් සාමාන්‍ය වෝල්ටීයතාවය වෙනස් කරගැනීම සිදුකරනු ලබයි.ඒ අනුව  විදුලිය සපයා තිබෙන කාලය වැඩිවන විට සාමාන්‍ය වෝල්ටීයතාවය වැඩිවන අතර විදුලිය විසන්දි කර තිබෙන කාලය වැඩිවන විට සාමාන්‍ය වෝල්ටීයතාවය අඩුවේ.

පෙර වැඩසටහනේ පැහැදිලි කල ආකාරයට L293D IC එකේ Int1 හා int2 අග්‍ර මත ඇති කරන සංඥා අනුව මෝටරය Clockwise හෝ anti-clockwise දිශාවට භ්‍රමණය වීමට අදාල දිශාව සකස් කිරීම සිදු විය.මෝටරය එම අදාල දිශාවට භ්‍රමණය කර ගැනීමට නම් enable1 අග්‍රය මත වෝල්ටීයතාවයක් ඇති කල යුතුය.ඒ අනුව Int1 හා int2 අග්‍ර දෙක මෝටරය භ්‍රමණය වන දිශාව සකස් කරන අතර enable1 අග්‍රය මෝටරය ON හා OFF කිරීම සදහා ඇති ස්විචයක් ලෙස ක්‍රියාත්මක වේ.මෙම අග්‍රයට PWM සංඥාව ලබා දී ON හා OFF වීමේ කාලය වෙනස් කිරීම මගින් මෝටරය හරහා පවතින සාමාන්‍යය වෝල්ටීයතාවය වෙනස් කිරීම මගින් මෝටරයේ වේගය වෙනස් කිරීම සිදු කරගත හැක.

PWM ක්‍රමය මගින් සාමාන්‍ය වෝල්ටීයතාවය පවත්වා ගැනීම සදහා වැදගත්ම සාදකය වන්නේ එම සංඥාවේ සංඛ්‍යතය වේ.  මෝටර වල වේගය පාලනය කිරීමේදී, මෙම සංඛ්‍යතය අඩු වැඩි නොමැතිව මධ්‍යස්ත අගයක පවත්වා ගත යුතුය.සංඛ්‍යතව අධික වූ විට විදුලිය ගමන් කිරීමට ඇති බාදාව වන ඉම්පිඩන්ස් එක වැඩිවීම නිසා මෝටරය ක්‍රියාත්මක කර ගැනීම අපහසු වන අතර සංඛ්‍යතය බොහෝසෙයින් අඩු වූ විට විදුලිය ලැබෙන විටම විදුලිය නොලැබීම සිදුවන නිසා මෝටරය ගැස්සීමකට ලක්වේ.

පහත දැක්වෙන්නේ PWM ක්‍රමය යොදාගෙන මෝටරයේ වේගය පාලනය කිරීමට අදාල පරිපථ සටහන වේ.