electronic sinhalen

සිංහල භාෂාවෙන් විද්‍යා හා තාක්ෂණ කරුණු ලබාදෙන, SENRO-TECH යුගයේ අපූර්වතම විද්‍යා හා තාක්ෂණ ගෙව්ශණය. SENROTECH is all about connecting you to the Technologies ©Copyrighted

Wednesday, March 6, 2019

Power Supply sinhala - 5

SMPS sinhala -3

12V, 1A SMPS පරිපථය -1


පහත දැක්වෙන්නේ ස්විච් මෝඩ් ක්‍රමය යොදාගෙන නිරිමාණය කරන ලද සරල පරිපථයකි.

 

පරිපථ ක්‍රියාකාරිත්වය

මෙහි මුලින්ම ඇති  ප්‍රේරක කොයිලය මගින් සිදු කරන්නේ EMI හා RFI මගින් ඇතිවන බලපෑම අවම කිරීම සදහා වේ ඉන් අනතුරුව ප්‍රධාන  AC විදුලිය සෘජු කරණය හා සුමටනය කිරීම සිදුකර fly back- transformer එක වෙත ලබා දී ඇත.

මෙහි ප්‍රධාන විදුලිය සමග යොදා ඇති 10 ඕම් 1W R1රෙසිස්ටරයේ කාර්ය වන්නේ පරිපථයට ප්‍රධාන විදුලිය ලබා දෙන විට සහ විසන්ධි කරන විට(power on and off) ඇතිවන ක්ෂණික ධාරා උස් පහත් වීම් වලදී ආරක්ෂාකාරී පියවරක් ලෙස වේ.එය පියුසයක් ලෙස ක්‍රියාත්මක වේ.  

R2 රෙසිස්ටරය හරහා වෝල්ටීයතාවය පළමු වරට ට්‍රාන්සිස්ටරයේ බේස් අග්‍රය වෙත යොදුන විගසම දෝලකය ක්‍රියාත්මක වීමට පටන් ගනී. දෝලකය නිර්මාණය කිරීම සදහා යොදාගෙන ඇත්තේ ප්‍රතිරොධයක් සහ ධාරිත්‍රකයක් වේ.මේ සදහා අවශ්‍ය වන විදුලිය fly back- transformer එකෙන්ම කොයිලයක් මගින් ලබා ගනු ලබයි. මෙහි සංඛ්‍යතය 100 KHz පමණ වේ.
මෙම R2 ප්‍රතිරෝධය start-up ප්‍රතිරෝධය ලෙස හැදින් වේ.මෙය පරිපථය පළමු වරට ක්‍රියාත්මක කර ගැනීම සදහා පමණක් යොදාගනු ලබයි.

දැන් ස්විචින් ක්‍රියාවලිය ආරම්බ වී ෆෙරයිට් ට්‍රාන්ස්ෆෝමරයේ ප්‍රාථමිකය හරහා විචලනය වන විදුලියක් ඇති වේ.එවිට අන්යෝන්‍ය ප්‍රේරණය සිදුවී ද්විතීක දගරය හරහා  12V අධි සංඛ්‍යාත AC වෝල්ටීයතාවයක් ජනනය කරනු ලබයි.එය අධි සංඛ්‍යත සමග ක්‍රියාත්මක විය හැකි  ඩයෝඩයක් යොදාගෙන සෘජු කරණය කර සුමටන ක්‍රියාවලිය සිදුකරනු ලබයි. 

මෙම වෝල්ටීයතාවය ස්ථායී නොවිය හැක, එබැවින්  feed-back පරිපථය මගින් ප්‍රතිදානය ස්ථායීව පවත්වා ගනු ලබයි.මේ සදහා opto-isolator මත පදනම් වූ ප්‍රතිපෝෂණයක් භාවිතා කරනු ලබයි.

මෙමගින් සිදු කරනු ලබන්නේ ප්‍රතිදානය කිසි විටෙකත් නිශ්චිත වෝල්ටීයතා මට්ටමක් ඉක්මවා නොයන ලෙස සෙනර් ඩයෝඩයක් යොදාගෙන ඇත.එමගින් feed-back එකේ සීමාව තීරණය කරනු ලබයි. ඒ අනුව වෝල්ටීයතාවය නියමිත අගයට වඩා ඉහල ගිය විට ක්ෂණිකව opto-isolator පරිපථය ක්‍රියාත්මක වේ.එමගින් නිමැවුම් විභවය යථා තත්වයට පත් කරන තෙක් ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරිත්වය තාවකාලිකව අක්‍රීය කරයි.දැන් නැවත නියමිත නිමැවුම් විභවයට පත් වු පසු නැවත ට්‍රාන්සිස්ටරය ක්‍රියාකාරී තත්වයට පත් කරනු ලබයි.ඒ අනුව මෙම ක්‍රියාවලිය නැවත නැවත සිදු වන බැවින් ඉතා හොද ස්ථිර 12 DC වෝල්ටීයතාවයක් ලබා ගත හැක.