electronic sinhalen

සිංහල භාෂාවෙන් විද්‍යා හා තාක්ෂණ කරුණු ලබාදෙන, SENRO-TECH යුගයේ අපූර්වතම විද්‍යා හා තාක්ෂණ ගෙව්ශණය. SENROTECH is all about connecting you to the Technologies ©Copyrighted

Friday, March 8, 2019

Arduino සිංහලෙන් - 9


ICSP පින් යොදාගෙන Arduino එකට වැඩසටහන් ඇතුලත් කිරීම



මයික්‍රොකොන්ට්‍රොලර නිෂ්පාදනය කරන සමාගම් විසින් ඔවුන් නිෂ්පාදනය කරන සෑම මයික්‍රොකොන්ට්‍රොලරයක් සදහාම  වැඩසටහන් ඇතුලත් කිරීම සදහා ලබා දී ඇති ක්‍රමය වන්නේ  ICSP පින් යොදාගෙන සිරියල් ක්‍රමයට වැඩසටහන ඇතුලත් කිරීම වේ.මේ සදහා programmer එකක් අවශ්‍ය වේ. ඒ සදහා එම සමාගම් විසින් නිෂ්පාදනය කරන මයික්‍රොකොන්ට්‍රොලර සදහා ගැලපෙන ආකාරයට විවිධ programmer වර්ග නිෂ්පාදනය කරනු ලබයි.

Arduino වල යොදාගෙන ඇති මයික්‍රොකොන්ට්‍රොලරය වන්නේ Atmega328P වේ. එය AVR වර්ගයට අයත්  මයික්‍රොකොන්ට්‍රොලරයක් වේ.එම නිසා මෙම මයික්‍රොකොන්ට්‍රොලරය වැඩසටහන් ගත කිරීමට AVR මයික්‍රොකොන්ට්‍රොලර වැඩසටහන් ගත කිරීමට යොදාගන්නා ඕනෑම programmer එකක් යොදාගත හැක.ඒ අනුව AVR ISP,USBtiny ISP,USBasp,…යනු එලෙස  AVR මයික්‍රොකොන්ට්‍රොලර වැඩසටහන් ගත කිරීමට යොදාගත හැකි programmer කිහිපයක් වේ.

Arduino හී ඇති මයික්‍රොකොන්ට්‍රොලරයට වැඩසටහන් ඇතුලත් කිරීම සදහා මෙලෙස programmer එකක් අවශ්‍ය නොවේ.ඊට හේතුව වන්නේ Arduino නිෂ්පාදකයින් විසින් ඒ සදහා boot-loader වැඩසටහනක් ඇතුලත් කර තිබීමයි(boot-loader වැඩසටහන ඒ තුලට ඇතුලත් කරනු ලබන්නේ ICSP ක්‍රමයට වේ. ).එමනිසා Arduino සදහා වැඩසටහන් අතුලත් කිරීම සදහා programmer එකක් අවශ්‍ය නොවේ.

එහෙත්  Arduino හී ICSP ක්‍රමය යොදාගෙන වැඩසටහන් ඇතුලත් කිරීම සදහාද පින් අන්තර්ගත කොට ඇත.එමනිසා  AVR මයික්‍රොකොන්ට්‍රොලර වැඩසටහන් ගත කිරීමට යොදාගන්නා AVR ISP,USBtiny ISP වැනි programmer යොදාගෙන ද  Arduino එක වැඩසටහන්ගත කිරීම සිදු කල හැක.

 

මේ සදහා  Arduino IDE  ද පහසුකම් සපයා ඇත.ඒ අනුව Arduino හී ICSP පින් සමග programmer එකේ ICSP පින් සම්බන්ද කර ඉන් අනතුරුව programmer එක පරිඝනකය හා සම්බන්ද කර Arduino IDE  එක මගින්ම වැඩසටහන් ගත කිරීම සිදුකල හැක.ඒ අනුව පහත දැක්වෙන්නේ Arduino IDE මගින්  සහය දක්වන programmer වේ.

 

 

ඒ අනුව Arduino IDE සහය දක්වන programmer එකක් ඇත්නම් සිදුකිරීමට ඇත්තේ, Arduino IDE මගින් සුදුසු වැඩසටහනක් සකස් කර ඉහත ආකාරයට අදාල  programmer එක Arduino IDE මගින් තෝරා sketch මෙනුවෙන් upload using  programmer තෝරාදීම පමණි.එවිට ICSP පින් හරහා Arduino තුලට වැඩසටහන් ඇතුලත් කල හැක.

 

ඉහත කරුනු අනුව පැහැදිලිවන කාරනය නම් ICSP පින් හරහා Arduino තුලට වැඩසටහන් ඇතුලත් කිරීම සදහා programmer එකක් සහ එය හැසිරවීම සදහා software එකක් අවශ්‍ය වන බවයි. මෙහිදී software එක මගින් සිදු කරනු ලබන කාර්ය Arduino IDE මගින් සිදු කල ගත හැක.එහෙත් ප්‍රශ්නය වන්නේ programmer එකේ කාර්ය සිදුකරන පරිපථය ලබාගන්නේ කෙලෙසද යන්නයි.ඒ සදහා විසදුමද Arduino මගින්ම ලබා ගත හැක.ඒ අනුව මෙහිදී සිදු කරනු ලබන්නේ  Arduino පරිපථ පුවරුවක් ගෙන එය programmer එකක් ලෙස වැඩසටහන් ගත කොට යොදාගැනීමයි.එමගින් ICSP පින් මගින් වෙනත් Arduino වක් හෝ මයික්‍රොකොන්ට්‍රොලර පරිපථයක් වැඩසටහන් ගත කිරීම සදහා යොදාගත හැක.

 

Arduino Uno R3 පරිපථ පුවරුවක් programmer එකක් ලෙස සකස් කිරීම

Arduino වක් programmer එකක් ලෙස සකස්කල හැකි ArduinoISP ලෙස වැඩසටහනක් Arduino IDE මගින් ලබා දෙනු ලබයි.එය පහත ආරයට තොරාගැනීම සිදු කල හැක.


පහත දැක්වෙන්නේ එම වැඩසටහන වේ.මෙහි කිසිදු වෙනස්කමක් සිදු නොකර සමාන්‍ය වැඩසටහනක් ඇතුලත් කරන ආකාරයට Arduino Uno R3 වෙත ඇතුලත් කරගත යුතුය.එවිට Arduino එක programmer එකක් ලෙස සකස් වේ.

ICSP ක්‍රමය යොදාගෙනවැඩසටහන් ඇතුලත් කිරීම සදහා පින් 6ක් යොදාගනු ලබයි. එමනිසා මෙහි ICSP සදහා යොදාගැනෙන පින් සොයාගත යුතුය.එය මෙම වැඩසටහනේ මුලින්ම සදහන් කර ඇත. ඒ අනුව පහත දැක්වෙන්නේ programmer එක ලෙස සකස් කල Arduino Uno R3 හී ICSP ලෙස යොදාගැනෙන පින් හය වේ


Programmer එක ලෙස සකස්කල Arduino Uno R3 යොදාගෙන ICSP ක්‍රමය මගින් වෙනත් Arduino වක් වැඩසටහන්ගත කිරීම


දැන් මෙම programmer එක ලෙස සකස්කල Arduino Uno R3 යොදාගෙන එනෑම Arduino වක් ICSP  යොදාගෙන වැඩසටහන්ගත කිරීම සිදුකල හැක.ඒ අනුව මෙම programmer එක යොදාගෙන වෙනත්  Arduino Uno R3 පරිපථ පුවරුවක් වැඩසටහන් කරන ආකාරය විමසා බලමු.


ඒ සදහා මුලින්ම programmer ලෙස සකසා ගත් Arduino පරිඝනකය හා සම්බන්ද කරගෙන එහි මුලික සැකසුම් සකසා ගත යුතුය(port එක සකස් කිරීම).



ඉන් අනතුරුව මෙහි ICSP ලෙස යොදාගනු ලබන පින් හා වැඩසටහන් ගත කිරීමට යොදාගනු ලබන Arduino වෙහි ICSP පින් සම්බන්ද කර ගත යුතුය.ඉන් පසු සුදුසු වැඩසටහනක් සකස් කර පහත දක්වා ඇති ආකාරයට වැඩසටහන් ගත කිරීම සිදුකරගත හැක.



  1.       පළමුව වැඩසටහන් ගත කිරීමට යොදාගනු ලබන Arduino තොරා ගැනීම සිදුකල යුතුය. මෙහිදී වැඩසටහන් ගත කිරීමට යොදාගනු ලබන්නේ Arduino Uno R3 පරිපථ පුවරුව වේ.එම නිසා එය තොරාගැනීම සිදු කල යුතුය.







2.      ඉන් පසුව programmer එක තෝරාදීම සිදුකල යුතුය.මෙහිදී Arduino එකක්ම programmer එක ලෙස යොදාගන්නා බැවින් Arduino as ISP යන්න තේරීම සිදුකල යුතුය.





13. අවසාන වශයෙන් කල යුතු වන්නේ upload using programmer යන්න තෝරා දීම වේ.







මෙම ක්‍රමය යොදාගෙන ඕනෑම Arduino පුවරුවක් ICSP පින් යොදාගෙන වැඩසටහන් ගත කිරීම සිදුකල හැක.එපමණක් නොව Arduino පුවරුවල යොදාගන්නා මයික්‍රොකොන්ට්‍රොලරය පමණක් උවද මෙම ක්‍රමය යොදාගෙන වැඩසටහන් කිරීම සිදු කල හැක.ඒ අනුව පහත දැක්වෙන්නේ Arduino Uno R3 හී යොදාගැනෙන Atmega328P මයික්‍රොකොන්ට්‍රොලරය වැඩසටහන් ගත කිරීමට අදාල පරිපථ සටහන වේ.




ඉහත පරිපථ සටහනේ දක්වා ඇති ආකාරයට   සම්බන්ද කර ප්‍රථමයෙන් සිදුකර ගත යුත්තේ boot-loader එක Born කරගැනීමයි.ඒ සදහා Arduino IDE පහත ආකාරයට සැකසුම් සකසා ගත යුතුය.



ප්‍රථමයෙන් පරිපථ පුවරුව සකස් කිරීම සිදුකරගත යුතුය. මෙහිදී වැඩසටහන් ගත කිරීමට යොදාගනු ලබන්නේ Arduino Uno R3 හී යොදාගැනෙන Atmega328P මයික්‍රොකොන්ට්‍රොලරය බැවින් පරිපථ පුවරුව ලෙස Arduino Uno R3  ලෙස සකස්කල යුතුය.




ඉන් පසු දෙවන පියවර ලෙස boot-loader එක Born කිරීම සිදුකල හැක.







මෙහිදී boot-loader එක Born කරගැනීමේ වැදගත් කම වන්නේ Arduino IDE සමග සංනිවේදනය කිරීම සදහා boot-loader එක අවශ්‍ය වීමයි.ඉන් අනතුරුව සුදුසු වැඩසටහනක් සකස් කොට ඉහත සදහන් කල පියවර අනුගමනය කරමින් මයික්‍රොකොන්ට්‍රොලරය වෙත  ඇතුලත් කර ගැනීම සිදු කල හැක.