electronic sinhalen

සිංහල භාෂාවෙන් විද්‍යා හා තාක්ෂණ කරුණු ලබාදෙන, SENRO-TECH යුගයේ අපූර්වතම විද්‍යා හා තාක්ෂණ ගෙව්ශණය. SENROTECH is all about connecting you to the Technologies ©Copyrighted

Saturday, January 12, 2019

electronic sinhala lesson - Inverter sinhala - 3


inverter circuit introduction sinhala - 3

Inverter circuit -1






පහත රූපයේ දක්වා ඇත්තේ සරල Inverter පරිපථයකි.මෙම පරිපථය Push Pull Stage driver පරිපථවන ආකාරයට Center Tap Transformer එකක් යොදාගෙන නිර්මාණය කර ඇත.






මෙම පරිපථයේ ට්‍රාන්සිස්ටර දෙක driver කිරීමට අදාල සංඥා ලබා ගැනීමට   යොදාගෙන ඇත්තේ ඉලෙක්ට්‍රෝණික තාක්ෂණයේදී බහුලව යොදා ගැනෙන පරිපථයක් වන Multivibrator (බහු කම්පණ) පරිපථයකි. Multivibrator පරිපථයකින් සිදු කරන්නේ කිසිම clock pulse  එකක  input  කිරීමක් නොමැතිව square හෝ triangular ආකාරයේ පල්ස් තරංග ජනනය කිරීම වේ.


මෙම පරිපථය මගින් සිදුවන්නේ ට්‍රාන්සිස්ටර දෙකක් යොදාගෙන එය ස්විචින් කරනයට ලක්කර ඒ මගින් සංඥා දෙකක් ජනනය කරගැනීම වේ.මෙම ස්විචින් කරනය සිදු කිරීමට ධාරිත්‍රක දෙකක් යොදාගෙන ඒවා අරෝපණය වීම හා විසර්ජනය වීම යොදාගනු ලබයි.



ඒ අනුව C1R1 හා C2R2 time constant වේ. ධාරිත්‍රක අරෝපණය වීම හා විසර්ජනය වීමේ කාලය, මේ අනුව සිදු වේ. R3 හා R4 ප්‍රතිරෝධක දෙක භාර ප්‍රතිරෝධ වේ.



මෙහිදී සිදුවන්නේ R4 හරහා C2 ධාරිත්‍රකය ආරෝපණය වීමේදී T1 ට්‍රාන්සිස්ටරයේ බේස් අග්‍රයට විදුලි ලැබෙන බැවින් එය ක්‍රියාත්මක වේ.එවිට R3 භාරය හරහා විදුලිය ගලා යයි.එවිට A හී වෝල්ටීයතාවය 12V වන අතර B හී වෝල්ටීයතාවය 0 වේ.මේ අවස්ථාවේදී C1 ධාරිත්‍රකය විසර්ජනය වේ.   

R3 හරහා C1 ධාරිත්‍රකය ආරෝපණය වීමේදී T2 ට්‍රාන්සිස්ටරයේ බේස් අග්‍රයට විදුලි ලැබෙන බැවින් එය ක්‍රියාත්මක වේ.එවිට R4 භාරය හරහා විදුලිය ගලා යයි.එවිට B හී වෝල්ටීයතාවය 12V වන අතර A හී වෝල්ටීයතාවය 0 වේ.මේ අවස්ථාවේදී C2 ධාරිත්‍රකය විසර්ජනය වේ.   



මෙම ක්‍රියාවලි දෙක මාරුවෙන් මාරුවට සිදුවන විට (වෝල්ටීයතාවය ලැබීම සහ නොලැබීම) පල්ස් නිර්මාණය වීම සිදු වේ. මෙම ධාරිත්‍රක ආරෝපණය වීම හා විසර්ජනය වීම C1R1 හා C2R2 time constant අනුව සිදු වේ.


මෙම පරිපථයේ ජනනය කරන පල්ස් තරංගවල සංඛ්‍යතය පහත සූත්‍රයෙන් ලබා දේ. ඒ අනුව R හා C වල අගයන් වෙනස් කිරීම මගින් විවිධ සංඛ්‍යත වල සංඥා නිර්මාණය කර ගත හැක.



C1=C2=C
R1=R2=R