electronic sinhalen

සිංහල භාෂාවෙන් විද්‍යා හා තාක්ෂණ කරුණු ලබාදෙන, SENRO-TECH යුගයේ අපූර්වතම විද්‍යා හා තාක්ෂණ ගෙව්ශණය. SENROTECH is all about connecting you to the Technologies ©Copyrighted

Thursday, January 24, 2019

Arduino සිංහලෙන් - 8


Arduino IDE  යොදාගෙන වැඩසටහන් ගොඩනැගීම



පෙර දී  සදහන් කල ආකාරයට Arduino සදහා වැඩසටහන් සකස් කිරීම ආරම්බ කිරීම සදහා  අවශ්‍ය වන්නේ සුදුසු Arduino පරිපථ පුවරුවක් සහ Arduino IDE  එක වේ.ඒ අනුව ප්‍රථමයෙන් පරිඝණකය සදහා සුදුසු Arduino IDE   එක (Windows, Linux, Mac OS සදහා Arduino IDE  නිර්මාණය කර ඇත ) ලබාගෙන පරිඝණකයට ස්ථාපනය කර ගත යුතුය.ඉන් අනතුරුව USB කේබල් එකක් යොදාගෙන පරිඝණකය හා Arduino එක සම්බන්ද කල යුතුය.එවිට ස්වයංක්‍රීයව Arduino එකට අදාල drivers  පරිඝණකයට ස්ථාපනය වේ.එය නිවැරදි ආකාරයට ස්ථාපණය වී ඇත්දැයි Device Manager වෙත ගොස් බලා ගත හැක.එවිට එය නිවැරදි ආකාරයට ස්ථාපණය වී ඇත්නම් පහත ආකාරයට Device Manager හී පෙන්වනු ලබයි.




යම් හෙයකින් මෙය නිවැරදි ආකාරයට ස්ථාපණය නොවුන හොත් Ports යටතේ Unknown Device එකක් ලෙස පෙන්නුම් කරනු ලබයි.එවිට කල යුතු වන්නේ එම Unknown Device එක මත Right-click කර Properties යන්න තෝරා එහි ඇති Install Driver තේරීම සිදු කල යුතුය.එවිට Drivers සොයාගන්නා ස්ථානය ලෙස පරිඝණකයේ Arduino IDE එක ස්ථාපනය වී ඇති Folder එක තෝරා දීම කල යුතුය.

මෙහිදී Arduino එක යොදාගන්නා Port එක වැදගත් වේ.පරිඝණය හා සම්බන්ද කරන ඕනෑම Device එකක් දත්ත හුවමාරුව සදහා ඒවාට වෙන්වු Port එකක් යොදාගනු ලබයි. ඒ අනුව Arduino එක ද   දත්ත හුවමාරුව සිදු කර ගන්නේ මෙම Port එකක් යොදාගෙන වේ.මෙහිදී Arduino එක යොදාගෙන ඇති Port එක වන්නේ COM9  වේ.

Arduino එක හා Arduino IDE එක නිවැරදී ආකාරයට සම්බන්ද කර ගත් පසු, අප යොදාගන්නා Arduino පරිපථ පුවරුව අනුව Arduino IDE සැකසුම් සිදුකල යුතුය.එනම් යොදාගන්නා Arduino පරිපථ පුවරුව හා දත්ත හුවමාරුව සදහා යොදාගන්නා Port එක තෝරාදීම සිදු කල යුතුය.පහත දැක්වෙන්නේ එය සිදු කරගන්නා ආකාරය වේ.



Arduino සදහා පළමු වැඩසටහන ගොඩ නැගීම

Arduino වැඩසටහන් කරන භාෂාවේ යොදාගැනෙන නිති බොහොමයක් C භාෂාවේ නිතිමවේ.ඒවා පිළිබදව MikroC යොදාගෙන වැඩසටහන් සකස් කිරීමේදී විස්තරාත්මකව පැහැදිලි කර ඇති බැවින් Arduino තුලදී මෙම නිති පිළිබදව විස්තරාත්මකව පැහැදිලි කිරීමට බලාපොරොත්තු නොවෙමු.එහෙත් Arduino සදහා වැඩසටහන් ගොඩ නැගීමේදී ඒවා පිලිබදව අවබෝදය පහසුවෙන් ලබා ගැනීමට හැක.ඒ අනුව පහත දැක්වෙන්නේ එලෙස නිර්මාණය කර ඇති සරල වැඩසටහනකි.

මෙම වැඩසටහන මගින් සිදු කරනු ලබන්නේ Arduino හී 13 වන පින් එකට සම්බන්ද LED එක තත්පරයකට වරක් නිවි නිවි දැල්වෙන ආකාරයේ වැඩසටහනක් වේ.මෙහිදී LED එකේ ( +)  අග්‍රය Arduino හී 13 වන පින් එකටද ( -) අග්‍රය GND ටද සම්බන්ද කරනු ලබයි.


පහත දැක්වෙන්නේ මෙයට අදාල වැඩසටහන වේ.


මෙහි දැක්වෙන්නේ ඕනෑම Arduino වැඩසටහනක අවම වශයෙන් තිබිය යුතු Function දෙක වේ.එනම් setup() Function එක සහ loop() Function එක වේ.
 
setup() Function එක තුල Arduino හා සම්බනද INPUT/OUTPUT සකස් කිරීම ආදී මුලික සැකසුම් සිදු කිරීම සිදු කරනු ලබයි. එය වැඩසටහන තුලදී එක්වරක් පමණක් ක්‍රියාත්මක වේ. ඒ අනුව එහි දැක්වෙන්නේ Arduino හී 13 වන පින් එක OUTPUT එකක් ලෙස සකස් කරීම සදහා දී ඇති විධානයයි (pinMode(13, OUTPUT)). එයද language  Libraries එක මගින් නිර්මාණය කර ඇති Function එකකි.ඒ අනුව මෙම Function එක යොදාගනු ලබන්නේ Arduino හී පින් INPUT/OUTPUT ලෙස සකස් කිරීම සදහා වේ.

loop() Function එක තුල ඇති විධාන Arduino වෙත විදුලිය ලබා දී ඇති තුරා නොනවත්වා ක්‍රියාත්මක වේ.ඒ අනුව මෙම වැඩසටහනට අදාල නොනවත්වා ක්‍රියාත්මක කරන විධාන වන්නේ


මෙහිදී Function   දෙකක් යොදාගෙන ඇති අතර digitalWrite() Function   එක මගින් Arduino පින් මත වෝල්ටීයතාවය පාලනය කිරීම සිදු කරන අතර delay() Function එක මගින් කාල පමාවක් ලබා ගැනීම සිදු කරනු ලබයි.

Arduino වෙත වැඩසටහන ඇතුලත් කිරීම

මෙම වැඩසටහන Arduino වෙත ඇතුලත් කිරීම සදහා කල යුතු වන්නේ verify කිරීම සිදු කර upload කිරීම පමණක් වේ. මෙහිදී වැඩසටහනේ වැරැද්දක් තිබුන හොත් verify කිරීමෙන් පසු එය පහල ඇති message box එකේ පෙන්නුම් කරන අතර   වැරැද්දක් නොමැතිනම් එය upload කිරීම සිදුකල හැක.