electronic sinhalen

සිංහල භාෂාවෙන් විද්‍යා හා තාක්ෂණ කරුණු ලබාදෙන, SENRO-TECH යුගයේ අපූර්වතම විද්‍යා හා තාක්ෂණ ගෙව්ශණය. SENROTECH is all about connecting you to the Technologies ©Copyrighted

Friday, December 21, 2018

Arduino සිංහලෙන් - 6



#

Arduino IDE හී වැඩසටහන් කරනය 



Arduino සියල්ලම සදහා වැඩසටහන් සකස් කිරීම සදහා යොදාගනු ලබන්නේ මෙම IDE එක වේ.මෙය නිර්මාණය කර ඇත්තේ C පරිඝණක භාෂාව මත පදනම්ව වේ.එමනිසා මෙම Arduino IDE යොදාගෙන Arduino සදහා වැඩසටහන් ගොඩනැගීමේදී පිළිපැදිය යුතු බොහෝමයක් C පරිඝණක භාෂාවේ නිතිම වේ.


ඒ අනුව යොදාගන්නා දත්ත වර්ග, OPERATORS වර්ග හා FUNCTIONS නිර්මාණයේදී අනුගමනය කල යුතු නිතී C භාෂාවේ නිතිම වේ.මේවා පිළිබදව PIC මයික්‍රොකොන්ට්‍රොලර programming කරන විට විස්තරාත්මකව පැහැදිලි කර ඇත.එමනිසා Arduino වැඩසටහන් කරනය පිළිබදව සලකා බලනු ලැබේ.

Arduino IDE හී වැඩසටහන් කරනය පිළිබදව සැලකීමේදී එහි අවම වශයෙන් ප්‍රධාන function දෙකකින් සමන්විත වේ.එනම් setup () සහ loop () යන දෙක වේ. Arduino IDE එක ආරම්භ කරන විටම මෙම function දෙක ඇත.මොනතරම් විශාල වැඩසටහනක් වුවද මෙම function දෙක මත වැඩසටහන ගොඩනැගීම කල යුතුය.

setup ()  function එක තුල මයික්‍රොකොන්ට්‍රොලරය ක්‍රියාත්මක වීමට අදාල මූලික සැලසුම් වන INPUT/ OUTPUT සකස් කිරීම ආදීය සිදුකරනු ලැබේ.මේවා වැඩසටහනේ එක් වරක් පමණක් ක්‍රියාත්මක වේ.එනම් Arduino එකට බලය ලබාදුන් විට එක් වරක් පමණක් ක්‍රියාත්මක වී මේ තුල ඇති සැකසුම් අනුව INPUT/ OUTPUT සකස් කිරීම සිදු කරනු ලබයි.

loop () function එක තුල  වැඩසටහන ගොඩනැගීම සිදු කරනු ලබයි.එය නැවත නැවත ක්‍රියාත්මක කරනු ලබයි.එසේම යොදාගනු ලබන අමතර වැඩසටහන් ද නිර්මාණය කරනු ලබන්නේ මේ තුල වේ. 


Arduino Libraries


මයික්‍රොකොන්ට්‍රොලර යොදාගෙන වැඩසටහන් ගොඩනැගීමේදී එහි ඇති රෙජිස්ටර වලට සුදුසු අගයන් යොදා වැඩසටහන් ගොඩනැගීම සිදු කරනු ලබයි.ඒ සදහා මයික්‍රොකොන්ට්‍රොලරයේ ඇති රෙජිස්ටර් පිළිබදව දැනුමක් තිබිය යුතුය.එහෙත් Arduino IDE හී ඇති ප්‍රධානම වැදගත්කම වන්නේ මයික්‍රොකොන්ට්‍රොලරයේ ඇති විවිධ ඒකක (ADC,PWM,Timer වැනි ඒකක) සහ සම්බන්ද කරන විවිධ hardware කොටස් පහසුවෙන් යොදාගැනීම සදහා language Libraries එකක් සහ hardware Libraries එකක් නිර්මාණය කර තිබීමයි.


එම නිසා Arduino සදහා වැඩසටහන් ගොඩනැගීමේදී language Libraries එකේ ඇති function කෙලින්ම යොදාගත හැක. 


උදාහරනයක් ලෙස ADC (Analog to Digital Conversion) ඒකකය යොදාගැනීමට නම් මයික්‍රොකොන්ට්‍රොලරයේ ඇති ADC ඒකකය හා සම්බන්ද ADMUX, ADCSRA, ADCH හා ADCL යන රෙජිස්ටර සදහා සුදුසු අගයන් යෙදීමෙන් එම කාර්ය සිදු කරගත යුතුය.එහෙත් මෙහි ඇති language  Libraries එක යොදාගෙන පහසුවෙන් රෙජිස්ටර වල දැනුමක් නොමැතිව එය සිදුකර ගත හැකිය.එහි එදිනෙදා බාවිතා කරන ඉංග්‍රීසි වචන යොදාගෙන function නිර්මාණය කර තිබෙන අතර එම function එක මගින් ඊට අදාල කාර්යන් සිදු කරනු ලබයි. 


උදා:-


ADC  setup කිරීම :- pinMode(A3, INPUT);

Analog සංඥාව කියවීමට int x = analogRead(A3);



language  Libraries පිළිබද වැඩිදුර තොරතුරු Arduino IDE හී help           Reference වෙත ගොස් ලබා ගත හැක.