electronic sinhalen

සිංහල භාෂාවෙන් විද්‍යා හා තාක්ෂණ කරුණු ලබාදෙන, SENRO-TECH යුගයේ අපූර්වතම විද්‍යා හා තාක්ෂණ ගෙව්ශණය. SENROTECH is all about connecting you to the Technologies ©Copyrighted

Wednesday, December 5, 2018

Arduino සිංහලෙන් -4


Arduino UNO R3



Arduino පුවරු විවිධ හැඩයන්ගෙන්,ප්‍රමාණයන්ගෙන් හා විවිධ ක්‍රියාවන්ට යොදාගත හැකිවන නිර්මාණය කර ඇත.ඒවා Arduino නිරුමාණ කරුවන් විසින්ම ප්‍රධාන කාණ්ඩ හතරකට බෙදා දක්වා ඇත.

එනම් 


  1. baseline boards
  2. mega-size boards,
  3. smallform-factor boards
  4. special-purpose boards වේ


Arduino UNO R3 යනු මූලික පරිපථ පුවරු ( baseline boards) යටතේ නිර්මාණය කර ඇති Arduino වකි.මෙය Arduino සදහා වැඩසටහන් සකස් කිරීම ආරම්භ කිරීම සදහා ඇති හොදම Arduino එක වේ.මේ මගින් Arduino පිළිබද මූලික කරුනු ක්‍රමවත්ව  අධ්‍යනය කිරීම සිදු කල හැකි අතර එමගින් සංකීර්ණ නිර්මාණ කිරීම සදහා  අවශ්‍ය දැනුම ලබා ගත හැක.

Arduino UNO R3 නිර්මාණය කර ඇත්තේ ATmega328P මයික්‍රොකොන්ට්‍රොලරය යොදාගෙන වේ.ඒ අනුව පහත දැක්වෙන්නේ එහි බාහිර සැකැස්ම සහ එහි පින් වල ක්‍රියාකාරිත්වය වේ.






boot-loader


ඕනෑම මයික්‍රොකොන්ට්‍රොලරයක් program කිරීම සදහා Programer  එකක් අවශ්‍ය වේ. Arduino වලද යොදාගනු ලබන්නේ AVR මයික්‍රොකොන්ට්‍රොලර වේ.මෙම මයික්‍රොකොන්ට්‍රොලර program කිරීම සදහාද ඒවාට ආවේනික වු Programer එකක් අවශ්‍ය වේ. එහෙත් පෙරදී සදහන් කල ආකාරයට Arduino සදහා වැඩසටහන් ඇතුලත් කිරීමට Programer එකකක් අවශ්‍ය නොවේ.එයට හේතුව වන්නේ එම කාර්ය කිරීම සදහා boot-loader වැඩසටහනක් Arduino සදහා ඇතුලත් කර තිබීමයි.එමනිසා boot-loader වැඩසටහනෙන් සිදුවන කාර්ය පිළිබදව විමසා බැලිය යුතුය.


boot-loader යනු මයික්‍රොකොන්ට්‍රොලරයේ flash මතකයට ඇතුලත් කර ඇති කුඩා වැඩසටහනකි. සමාන්‍යයෙන් මයික්‍රොකොන්ට්‍රොලරයකට වැඩසටහන් ඇතුලත් කරනු ලබන්නේ ICSP ක්‍රමයටයි. මයික්‍රොකොන්ට්‍රොලරයේ ඒ සදහා වෙනම පින් කිහිපයක් අන්තර්ගත කොට ඇත.



 (ICSP ගැන PIC මයික්‍රොකොන්ට්‍රොලර වලදී විස්තරාත්මක පැහැදිලි කිරීම සිදු කර ඇත.)
 
Boot-loader වැඩ සටහන මගින් සිදු කරනු ලබන්නේ මයික්‍රොකොන්ට්‍රොලරයේ serial interface එක හරහා (RxD හා TxD පින් හරහා) වැඩසටහන මයික්‍රොකොන්ට්‍රොලරයේ flash මතකයට ඇතුලත් කිරීමයි.


මෙහිදී Arduino එක විදුලිය සපයා  ක්‍රියාත්මක කල  විට, එහි Boot-loader ක්‍රියාත්වීමට පටන් ගනී. එහිදී serial interface  එක හරහා ක්‍රමලේඛන දත්ත ලැබෙන්නේ දැයි පරික්ෂා කරයි.දත්ත ලැබෙන්නේ නම් ඒවා flash මතකයට යොමු කරයි. දත්ත නොලැබෙන්නේ නම් flash මතකයේ ඇති වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.මෙම ක්‍රියාවලිය දිගින් දිගටම සිදුකිරීම Boot-loader එකේ කාර්ය වේ.


මෙමගින් මයික්‍රොකොන්ට්‍රොලරය program කිරීම සදහා Programer එකක් අවශ්‍ය නොවේ.මෙය කෙලින්ම පරිඝණකයේ serial port එක හා සම්බන්ද කර පහසුවෙන් වැඩසටහන් ඇතුලත් කර ගත හැක.නවීන පරිඝණක වල මෙම serial port නෙමැති නිසා Arduino වලදී serial to USB පරිවර්තන කරන පරිපථ කොටස ඇතුලත් කර ඇත.




මේ සදහා Arduino Uno වල දී serial to USB ක්‍රියාව සිදු කරන ලෙස වැඩසටහන් ගත කරන ලද මයික්‍රොකොන්ට්‍රොලරයක් යොදාගනු ලබයි.




මෙම Boot-loader වැඩසටහන මයික්‍රොකොන්ට්‍රොලරය තුලට ඇතුලත් කරනු ලබන්නේ ICSP ක්‍රමයට වේ.මෙම  Boot-loader වැඩසටහන සදහා flash මතකයේ යම් ඉඩ ප්‍රමාණයක් වැයවේ.යම් කෙනෙකුට මයික්‍රොකොන්ට්‍රොලරයේ සම්පූර්න flash මතකයම යොදාගැනීමට අවශ්‍ය නම් Boot-loader වැඩසටහන ඉවත් කර යොදාගැනීම සිදු කර ගත හැක.එවිට AVR මයික්‍රොකොන්ට්‍රොලර program කල හැකි Programer එකක් අවශ්‍ය වේ.


 USBtinyISP යනු එලෙස AVR මයික්‍රොකොන්ට්‍රොලර program කල හැකි Programer එකක් වේ.