electronic sinhalen

සිංහල භාෂාවෙන් විද්‍යා හා තාක්ෂණ කරුණු ලබාදෙන, SENRO-TECH යුගයේ අපූර්වතම විද්‍යා හා තාක්ෂණ ගෙව්ශණය. SENROTECH is all about connecting you to the Technologies ©Copyrighted

Thursday, February 10, 2022

රූපවාහිනි තාක්ෂණය -1

 රූපවාහිනී තාක්ෂනය හැදින්වීම. (Television technology introduction)

රූපවාහිනි තාක්ෂණය ගැන සදහන් කිරීමේදී අපට මුලින්ම සිහියට නැගෙන්නේ රූපවාහිනි යන්ත්‍රය වේ.සිංහල බසින් මෙයට මෙම නම යොදා ඇත්තේ රූප විසුරවා හරිනවා යන අර්ථයෙන් විය හැකිය.එහෙත් මෙහි නිර්මාන කරුවන් මෙයට යොදා ඇති නම විග්‍රහ කර ගැනීමෙන් රූපවාහිනි තාක්ෂණය පිළිබදව නියම අදහස ලබාගත හැකිය.

ඉංශ්‍රිසි බසින් රූපවාහිනිය හදුන්වනු ලබන්නේ ටෙලිවිෂන් (Television) යනු වෙනි.ඇත්තටම මෙම වචනය ටෙලි යන ග්‍රීක හා විෂන් යන ලතින් භාෂා දෙකේ  වචනය වලින් සැදුන වචනයකි.ටෙලි යන ග්‍රීක වචනයේ අර්තය දුරින් ඇති යන්නයි.ලතින් භාෂාවේ විඩියෝ යන වචනයේ අර්ථය දර්ශනය කරන යන්න වේ.මෙම වචනයෙන්  විෂන් යන්න ගෙන ටෙලිවිෂන් යන්න නිර්මානය කර  ගෙන ඇත.ඒ අනුව මෙහි අර්ථය වන්නේ දුරින් ඇති දේ දැකිමයි.ඒ අනුව දුරින් ඇති දේ දැකිමට යොදාගනු ලබන තාක්ෂනය රූපවාහිනි තාක්ෂණය ලෙස හදුන්වනු ලබයි. 

 රූපවාහිනි තාක්ෂණය සරලව හදුන්වා දෙනු ලබනවා නම්, යම් කිසි තැනක  සිට විසුරුවා හරිනු ලබන  නිශ්චල හෝ චංචල වස්තූන් තවත් තැනක සිට වයර් සම්බන්දයක් ඇතුව හෝ නැතුව ඒ ආකාරයටම නැරබීමට යොදාගනු ලබන තාක්ෂණය රූපවාහිනි තාක්ෂණය වේ.

 

 

මෙහිදී නිශ්චල හෝ චංචල වස්තූන් විසුරුවා හරින ස්ථානය television transmitter station (TV station ) ලෙස හදුන්වනු ලබයි.මෙලෙස විසුරුවාහරින ලබන  නිශ්චල හෝ චංචල වස්තූන් ඕනැම පුද්ගලයෙකුට කිසිම ගෙවීමක් සිදුනොකර television receiver උපාංගයක් යොදාගෙන ඒවා නැරබීම සිදුකල හැක. අප සෑම දෙනාම දන්නා ආකාරයට  ප්‍රථමික television receiver උපාංගය වන්නේ  රූපවාහිනි යන්ත්‍රය වේ.

ඒ අනුව රූපවාහිනි තාක්ෂණයේදී, TV station එකකින් කිසිම සීමා මායින් නොමැතිව ඕනෑම පුද්ගලයෙකුට නැරබීමට හැකිවන පරිදී  එහි වැඩසටහන් විසිරුවා හරින ලබන අතර එම වැඩසටහන් නැරබීමට කැමති අයට  රූපවාහිනීය යන්ත්‍රයක් යොදාගෙන එම වැඩසටහන් නැරබීම සිදුකල හැක

අදවන විට රූපවාහිනිය මගින් විවි‍ධ ආකාරයෙන් වැඩසටහන් විසුරුවා හරිනු ලැබුව ද රූපවාහිනිය සොයාගත් මුලු කාලයේ දි එය යොදාගනු ලැබුවේ සංනිවේදන කාර්යන් සිදුකර ගැනීම සදහා වේ.එනම් එකල, එකවර වැඩි දෙනෙකුට සංනිවේදනය කිරීම සදහා යොදාගත හැකි හොදම ආකාරය මෙය වීමයි.කෙසේ වෙතත් කාලයත් සමග මිනිසාගේ අවශ්‍යතාවන් සංනිවේදනය පමණක් නොවීම නිසාත් විවිධ අවශ්‍යතාවන් හා උවමනාවන්ද නිර්මාණය වීම නිසාත් රූපවාහිනිය මගින් සංනිවේදනයට අමතරව මිනිසාගේ රසවින්දනය සහ වෙනත් දෙවල් සදහා වැඩසටහන් විසුරුවා හරිනු දැකිය හැක.

එසේම රූපවාහිනිය ගැන සැලකීමේදී  ද, එයද සීග්‍ර සංවර්ධනයකට ලක්ව ඇත.එනම් එකල රූපවාහිනිය (TV එක) යොදාගනු ලැබුවේ   රූපවාහිනි වැඩසටහන් බැලීම සදහා පමණක් උවද අදවන විට විවිධ ආකාරයේ කාර්යන් සදහා  රූපවාහිනිය යොදාගනු ලබයි.එමනිසා අදවන විට නිර්මාණය කරනු ලබන  රූපවාහිනි යන්ත්‍ර බහුකාර්ය මෙවලමක් ලෙස නිර්මාණය කරනු දැකිය හැක.ඒ අනුව රූපවාහිනී වැඩසටහන් පමණක් නැරබීමට  නිර්මාණය කරන ලද මෙම මෙවලම අදවන විට ස්මාට් රූපවාහිනීය දක්වා සංවර්ධනය වී ඇත.

 


රූපවාහිනීයේ ඉතිහාසය  (television history)

අද වන විට රූපවාහිනීය යනු ඉතා සරල, ලොව පුරා නිවාස, කාර්යාල ආදී ස්ථාන වල බිලියන ගණනක් දෙනා බාවිතා වන අත්‍යවශ්‍යම ඉලෙක්ට්‍රොණික උපාංගයක් බවට පත් වී ඇත. එහෙත් මීට වසර 100 කට පමණ පෙර කාලය සැලකීමේදී  රූපවාහිනිය යනු කුමක්දැයි කිසිවෙකු හෝ දැන සිටියේ නැත. ඇත්ත වශයෙන්ම කිවහොත්,අප අද සෑම දෙනාම රූපවාහිනි යන්ත්‍ර බාවිතා කලද 1947 දී පමණ රූපවාහිනි යන්ත්‍ර බාවිතය සදහා අයිතිය හිමිවූයේ වරප්‍රසදලත් ඇමරිකානුවන්ට පමණි.නමුත් මෙලෙස ඉතා සුලු පිරිසක් පමණක් භාවිතා කරනු ලැබු මෙම මෙවලම, ඉතා කෙටි කාලයක් තුල විවිධ වෙනස් කම් වලට ලක්වෙමින්  ලොව පුරා  මිනිසුන්ගේ විසිත්ත කාමරයේ  ප්‍රධාන තැනක් හිමි කරගත් මෙවලමක් දක්වා සංවර්ධනය වූයේ  කෙලෙසද?

අප රූපවාහිනීය (TV එක) ලෙස සදහන් කල පමණින් අපට හැගෙන්නේ අප අද භාවිතා කරනු ලබන විදුලියෙන් ක්‍රියාත්මක වන විද්‍යුත් රූපවාහිනීය වේ.එහෙත් රූපවාහිනියේ ඉතිහාසය සොයාගෙන යෑමේදී ප්‍රථම රූපවාහිනීය ලෙස හමුවන්නේ 1800 - 1900 කාල වකවානු වලදී බාවිතාකරන ලද යාන්ත්‍රක රූපවාහිනීය යි.මෙහිදී සිදු කරනු ලබන්නේ යාන්ත්‍රක ක්‍රමයක් මගින් ජායාරූපය ස්කෑන් කිරීම සිදුකර ඉන් අනතුරුව එම රූප තිරයකට සම්ප්‍රේෂණය කිරීම වේ.මේ සදහා මූලික පදනම වැටෙන්නේ  නිප්කෝ විසින් නිර්මාණය කරන ලද විදුලි දුරේක්ෂය මගින් වේ.

මෙහිදී ජායාරූප ස්කෑන් කිරීම ලෙස මුලික වශයෙන් හදුන්වනු ලබන්නේ,එය නැවත තිරයකට සම්ප්‍රේෂණය කිරීම සදහා ජායාරූපය ග්‍රහණය කර ගන්නා ආකාරය වේ.එනම් යම් රූපයක්   තිරයකට සම්ප්‍රේෂණය කිරීමේදී සම්ප්‍රේෂණය කරන උපාංගයේ එම ජයාරූපය කෙලෙස තිරයට සම්ප්‍රේෂණය කලයුතුද යන්න ගබඩා වී පැවතිය යුතුය. ස්කෑන් කිරීම මගින් සිදුකරනු ලබන්නේ එම දත්ත තැන්පත්කර ගැනීම වේ.මේ පිළිබදව ඉදිරියේදී විමසා බලමු.

 1800 යේ මුල් භාගයේ පෝල් ගොට්ලීබ් නිප්කෝ විසින් භ්‍රමණය වන සිදුරු සහිත ලෝහ තැටියක් භාවිතා කරමින් වයර් හරහා රූප යැවීම සිදුකර ඇත.මෙම උපාංගය නිප්කෝව් විසින්  හැඳින්වූයේ විදුලි දුරේක්ෂය ලෙසිනි

 

 

නිප්කෝ විසින් සොයාගත් මෙම උපාංගය තව දුරටත් වැඩි දියුණු කර 1920 ගණන් වල මුල් භාගයේදී ස්කොට්ලන්ත ජාතිකයකු වන ජෝන් ලොජි බෙයාඩ් විසින් පළමු වරට වයර් රහිතව රූප යැවීම සිදුකර ඒවා දර්ශනය කල හැකි උපකරනයක් නිර්මාණය කරන ලදී. බෙයාඩ් විසින් මෙම උපකරනය නම් කරනු ලැබුවේ ටෙලිවයිසරය (Baird Televisor) නමින් වේ.

 


 

බෙයාඩ් විසින් පර්යේෂණ සිදුකරනු ලැබුවේ චලනය වන දසුන් යම් දුරකට සම්ප්‍රේෂණය කිරීම හා නැවත එම දසුන් තවත් ස්ථානයක සිට ග්‍රහණය කර ඒවා නැවත දර්ෂනය කලහැකි උපකරනයක් නිර්මාණය කිරීම පිළිබදව වේ. ටෙලිවයිසරය නිර්මාණය සිදුවන්නේ මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වේ. මෙහිදී  චලනය වන දසුනක් යම් දුරකට සම්ප්‍රේෂණය කරගැනීමට හැකි උවද මෙම චලන රූප අපහැදිලි ඒවා විය.

 


 කෙසේවෙතත් මෙම උපකරණය මගින්  සිතූ තරම් සාර්ථක රූප දර්ෂණය කරගැනීමට හැකි නොවුනද, මෙලෙස චලන රූප සම්ප්‍රේෂණය කලහැකි බවට ක්‍රමවේදයක් මෙම උපකරයත් සමග ‍ලොවට හදුන්වාදෙනු ලැබීය.ඇත්තෙන්ම අප අද බාවිතා කරනු ලබන රූපවාහීනී තාක්ෂණය  සදහා වූ මංපෙත් විවර වන්නේ මෙම උපකරනය නිර්මාණය කිරීමත් සමග වේ.මේ නිසාම රූපවාහිනිය සොයාගැනීමේ  ගෞරවය හිමිවන්නේ ද ජෝන් ලොජි බෙයාඩ් ට වේ.

 

ඉන්පසු රුසියානු ජාතික බොරිස් රෝසිං සහ බ්‍රිතාන්‍යය ජාතික ඒ.ඒ. කැම්බල් විසින් බෙයාඩ් විසින් නිර්මාණය කල රූපවාහීනී තාක්ෂණයම උපයෝගී කරගෙන නව රූපවාහිනී පද්ධතියක් නිර්මාණය කළේය.මෙහිදී ද රූප ස්කෑන් කිරීම සදහා  යාන්ත්‍රි ක්‍රමය අනුගමනය කරන ලදී. එහෙත් රූප දර්ණය කරන කොටස භ්‍රමණය වන ලෝහ තැටි ක්‍රමය වෙනුවට  කැතෝඩ කිරණ නලයක් යොදාගැනීම සිදුකරන ලදී.මෙම සොයාගැනීම ද රූපවාහිනී තාක්ෂනයේ ඉදිරි ගමනට මනා පිටුවහලක් විය.

මෙලෙස විවිධ සොයාගැනීම් සිදුකරමින් බෙයාර්ඩ්ගේ තාක්ෂණය අනුව රූපවාහිනී සම්ප්‍රේෂණ කටයුතු   1937 පමණ වන තෙක් සිදුවිය.එහෙත් මෙම තාක්ෂණය අනුව රූපවාහිනී සම්ප්‍රේෂණ සිදු කිරීමේ දී හා වැඩි දියුණු  කිරීමේදී  ගැටලු රාෂියකට මුහුන දීමට සිදුවිය.එසේම මෙම කාලයේදීම අනෙක් පසින්  ඉලෙක්ට්‍රෝණික තාක්ෂණයේ දියුණුව ඉතා වේගයන් සිදුවිය.ඒ අනුව බෙයාර්ඩ්ගේ තාක්ෂණය අනුව යාන්ත්‍රිකව සිදු කළ රූපවාහිනී දසුන් සම්ප්‍රේෂණය ඉලෙක්ට්‍රොනික තාක්ෂණය යොදාගෙන ඉතා පහසුවෙන් හා කාර්යක්ෂම සිදුකළ හැකි බව ඉක්මණින්ම සොයා ගැණුනි.මේ නිසාම බෙයාර්ඩ්ගේ ක්‍රමවේදය අකාර්යක්ෂම හා යල්පැණ ගිය තාක්ෂණයක් විය.එමනිසා බෙයාර්ඩ්ගේ රූපවාහිනී සම්ප්‍රේෂණ ක්‍රමවේදය භාවිතයෙන් අත්හැර ඉලෙක්ට්‍රෝණික තාක්ෂණ ක්‍රමවේදය භාවිතා කරන ලදී.මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඉලෙක්ට්‍රෝණික රූපවාහිනීය බිහිවිය.


ඉලෙක්ට්‍රෝණික රූපවාහිනී තාක්ෂණය

යාන්ත්‍රක රූපවාහිනී තාක්ෂනයේදී,  චලන රූප ස්කෑන් කිරීම සදහා යොදාගනු ලැබුවේ යාන්ත්‍රක ක්‍රමයක් වේ.එහෙත් මෙම ක්‍රමය එතරම් කාර්යක්ෂම හා පහසු ක්‍රමයක් නොවීය.එහෙත් ඉලෙක්ට්‍රෝණික තාක්ෂණයේ දියුණුවත් සමග ඉලෙක්ට්‍රෝණික තාක්ෂණය යොදාගෙන යාන්ත්‍රක ක්‍රමයට වඩා ඉතා පහසුවෙන් හා ගුනාත්මක බාවයකින්  මෙය සිදුකලහැකි බව සොයාගන්නා ලදී.ඒ අනුව ඉලෙක්ට්‍රෝණික තාක්ෂණය යොදාගෙන ඉලෙක්ට්‍රෝන කදම්බයක් භාවිතා කරමින් චලනය වන රූප ස්කෑන් කිරීමේ ක්‍රමයක් සොයාගන්නා ලදී. (ප්‍රථමික කැමරාවක් ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයට වේ) ඉන්පසුව මෙම රූප අඩංගු සංඥාව ගුවන් විදුලි තරංග බවට පත් කර විසුරුවා හැරීම සිදුකරනු ලබයි.

නැවත මෙම  චලන රූප දර්ශනය කර ගැනීම සදහා,එම ගුවන් විදුලි තරංග ග්‍රහණය කර ගෙන නැවත රූප අඩංගු දත්ත සංඥාව බවට පත්කිරීම සිදුකල යුතුය.ඉන් පසුව එම සංඥා තිරයකට යවා රූප දර්ශනය කිරීම සිදුකල යුතුය.මෙම කාර්යන් ද ඉලෙක්ට්‍රෝණික තාක්ෂණය යොදාගෙන පහසුවෙන් සිදුකරගත හැක.ඒ අනුව මේ සදහා  ඉලෙක්ට්‍රෝණික රූපවාහිනීය නිර්මාණය කරන ලදී.ඒ අනුව ප්‍රථමයෙන් නිර්මාණය කරන ලද ඉලෙක්ට්‍රෝණික රූපවාහිනීය කැතෝඩ කිරන නාල (Cathode Ray Tube (CRT)) තාක්ෂණය මත පදනම්ව නිර්මාණය කරනු ලැබීය

 

ලොව පළමු රූපවාහිනී මධ්‍යස්ථානය (The First Television Stations)

රූපවාහිනී තාක්ෂණය පිළිබදව විවිධ සොයාගැනීම් සහා ගවේශණ 1800 යේ මුල් කාලයේ සිට පැවතුනද රූපවාහිනී වැඩසටහන් විසුරුවා හැරීම සදහා ප්‍රථම වරට රූපවාහිනී මධ්‍යස්ථානක් ආරම්භ කරනු ලබන්නේ 1920 අග භාගයේ දී ඇමරිකාවේදී වේ.මෙම රූපවාහිනී නාලිකාව නම් කරන ලද්දේ W3XK ලෙස වේ.එසේම මෙම රූපවාහිනී නාලිකාව යාන්ත්‍රික රූපවාහිනී තාක්ෂණය මත පදනම්ව නිර්මාණය කරනු ලැබු අතර මහජනතාව සදහා එහි පළමු විකාශනය 1928 ජූලි 2 වන දින සිදුකරනු ලැබීය.

මෙම W3XK රූපවාහිනී නාළිකාව ලොව පළමු රූපවාහිනී මධ්‍යස්ථානය ලෙස සලකනු ලැබුව ද මහජනතාව සදහා නිර්මාණය කරනු ලැබු පළමු  රූපවාහිනී නාළිකාව ලෙස සලකනු ලබන්නේ 1926 දී ආරම්භ කරන ලද WRGB රූපවාහිනී නාළිකාව වේ. මෙම රූපවාහිනී මධ්‍යස්ථානය 1926 සිට අදවන තුරු ලොව අඛණ්ඩව ක්‍රියාත්මක වන එකම රූපවාහිනී මධ්‍යස්ථානය ලෙස ගෞරවයට පාත්‍ර වේ.

ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී මධ්‍යස්ථානය

 
ශ්‍රී ලංකාවේ රූපවාහිනීයේ ආරම්භය ලෙස සලකනු ලබන්නේ 1979 අප්‍රේල් 15 වන දින ආරම්භ කරන ලද ස්වාධීන රූපවාහිනීය සමග වේ.මේ සදහා පුරෝගාමීන් වුයේ අනිල් විජේවර්ධන සහ ෂාන් වික්‍රමසිංහ යන දෙදනා වේ.එම නිසා ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී නාලිකාව පුද්ගලික එකක් විය.එහෙත් එවකට පැවති ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සමඟ ඇති වූ ආරවුලකින් පසු 1979 ජුනි 5 වන දින රජය විසින් එහි පාලනය ලබාගත්  බැවින් එහි පාලනය පැවතුනේ මාස දෙකකටත් අඩු කාලයක් පමණි.