මයික්‍රෝකොන්ට්‍රෝලර යොදාගෙන මෝටර පාලනය කිරීම - 1
මයික්‍රෝකොන්ට්‍රෝලර යොදාගෙන විවිධ නිර්මාණ සිදු කරන විට චලනයන් සිදුකර ගැනීමට අවශ්‍ය වේ.එම චලනයන් සිරස් චලනයන්,තිරස් වලනයන්,වෘත්තාකාරයේ වලනයන් ආදී ලෙස විවිධ ආකාරයෙන් සිදු විය හැක.ඒ අනුව මෙම සෑම වලනයක්ම සිදු කර ගැනීම සදහා යොදාගනු ලබන උපකරනය විදුලි මෝටරය වේ.එමනිසා මයික්‍රෝකොන්ට්‍රෝලරය යොදාගෙන මෝටර පාලනය කරන ආකාරය පිළිබදව විමසා බැලිය යුතුය.
මෝටර පාලනය යනු මෝටරය යොදාගනු ලබන ආකාරය හා අවශ්‍යතාවය අනුව මෝටරය ක්‍රියාත්මක කරගැනීම සදහා වෝල්ටීයතාවය ලබාදීම වේ.මෝටර වර්ග විශාල ප්‍රමාණයක් ඇති නිසා ඒවා ක්‍රියාත්මක කර ගැනීම සදහා වෝල්ටීයතාවය ලබා දෙන ආකාරයද විවිධ වේ.එම නිසා මයික්‍රෝකොන්ට්‍රෝලර යොදාගෙන මෝටර පාලනය කිරීම පිළිබදව සලකා බැලීමට ප්‍රථම මෝටර වර්ග හා ඒවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබදව කෙටියෙන් හෝ විමසා බැලිය යුතුය.
අප සෑම දෙනාම දන්නා පරිදි මෝටර යනු විදුලිය ලබා දී වලනය සිදු කරගනු ලබන උපකරනයකි.ඒ අනුව මෙම වලනය අප එදිනෙදා වැඩකටයුතු සදහා විවිධ ආකාරයෙන් යොදාගනු ලබයි. එනම්, අප එදිනෙදා වැඩ පහසු කර ගැනීමට යොදාගනු ලබන විවිධ මෙවලම් වල ,කාර්මාන්ත ශාලා වල,විවිධ සෙල්ලම් භාන්ඩ වල, ආදියේ සිට සංකිර්ණ රෝබෝවරු නිර්මාණය දක්වා වූ පුලුල් පරාසයක යෙදවුම් වල භාවිතා කරනු දක්නට ලැබෙයි.
එසේම මෙම එක් එක් යෙදවුම් සදහා මෝටර විවිධ ආකාරයෙන් නිර්මාණය කරනු ලබයි.එබැවින් වෙළඳපොලේ විවිධ වර්ගයේ විදුලි මෝටර විශාල ප්‍රමාණයක් දක්නට තිබේ.ඒ අනුව මෙම නිර්මාණය කරන මෝටර, ක්‍රියාත්මක වන වෝල්ටීයතාවය, ක්‍රියාකාරීත්වය සහ යෙදාගන්නා ආකාරය අනුව ප්‍රධාන වශයෙන් වෙන්කර දැක්විය හැක.ඒ අනුව පහත දැක්වෙන්නේ එලෙස මෝටර ප්‍රධාන වශයෙන් වෙන්කල හැකි ආකාරයන් වේ.
මෙලෙස විවිධ ආකාරයෙන් මෝටර වර්ග විශාල ප්‍රමාණයක් නිර්මාණය කරනු ලැබුවද මේ සෑම මෝටරයක්ම ක්‍රියාත්මක වන ආකාරය එකම මූලධර්මයකට අනුව සිදු වේ.එබැවින් මෝටරයේ ක්‍රියාකාරිත්වය දෙස විමසා බැලීම මගින් මේ පිළිබදව පැහැදිලි කරගත හැක.
මෝටරයක ක්‍රියාකාරිත්වය
මෝටරයක ක්‍රියාකාරිත්වය විමසා බැලීමට පෙර පහත සංසිද්දිය විමසා බලමු.
ඉහත රූපයේ ආකාරයට චුම්බක ක්ෂත්‍රයක සංනායකයක් තබා ඒ හරහා ධාරාවක් යැවූ විට ඒ මත බලයක් ඇති වේ.එම බලය පහත සමීකරනයෙන් ලබා දේ.
මෙහි B යනු චුම්බක ක්ෂත්‍රයේ විශාලත්වය වන අතර I හා L යනු පිළිවෙලින් සංනායකය හරහා ගමන් කරන ධාරාව හා සංනායකයේ දිග වේ.එසේම යනු සංනායකය හා චුම්බක ක්ෂත්‍රය අතර කෝනය වේ. හී අගය 0 වන විට හෙවත් සංනායකය චුම්බක ක්ෂත්‍රයට සමාන්තර වන විට බලයක් හට නොගනී.එසේම හී අගය 90 වන විට සංනායකය චුම්බක ක්ෂත්‍රයට ලම්බක වන අතර එවිට සංනායකය මත ඇති කරන බලය උපරිම වේ.
සාමාන්‍යයෙන් බලයක් ඇති විට චලනයක් සිදු වේ.එම චලනය සිදු වන්නේ බලය පවතින දිශාවට වේ.එබැවින් බලය පවතින දිශාව වැදගත් වේ.චුම්බක ක්ෂත්‍රයක තැබූ ධාරාව රැගෙන යන සංනායකයක, ඇතිවන බලය හටගන්නා දිශාව ෆේලෙමින්ගේ වමත් නියමය මගින් සොයාගත හැක.
මෝටරයක ක්‍රියාකාරිත්වය දෙස බලන විටද සිදු වන්නේ මෙම සාදක තුනේ චිවලනය වේ.ඒ අනුව එය පහත පරිදි විස්තර කර ගත හැකිය.
පහත රූපයේ දැක්වෙන ආකාරයට මෝටරයකින් සිදු කරනු ලබන්නේ , චුම්භක ක්ෂත්‍රයක සංනායකයක් හෝ කොයිලයක් තබා ඒ තුලින් ධාරාවක් යවා ඒ මගින් සංනායකය හෝ කොයිලය චලනය කර ගැනීම වේ
මෙහිදී සිදු වන්නේ , රූපයේ දක්වා
ඇති ආකාරයට සංනායක කොයිලය හරහා ධාරාව ගමන් කරන විට ෆ්ලෙමිනගේ වමත්
නියමයට අනුව AB හා CD සංනායක කොටස් මත බලයන් ඇති වේ.මෙම සංනායක
කොටස් හරහා ප්‍රතිවිරුද්ධ දිශාවලට ධාරාව ගමන් කරන බැවින් ඇතිවන බලයද ප්‍රතිවිරුද්ධ
දිශා ඔස්සේ පවතී.දැන් මෙම බල දෙක බල යුක්මයක් ලෙස ක්‍රියාකරනු ලබයි.එබැවින් මෙම
සංනායකය බල යුක්මය ඇතිවන දිශාවට භ්‍රමණය වේ.මෙම භ්‍රමණය
සංනායකය හරහා ධාරාව ගමන් කරන තුරු නොකඩවා සිදු වේ.
මෝටරය දෙස බලන විට එහි භ්‍රමණය වන සංනායක කොටස ආමිචරය(amacher) ලෙස හදුන්වනු ලබයි.එහි විශාල සංනායක කොයිල පොටවල් ප්‍රමාණයක් නිර්මාණය කර ඇත.එමගින් ඇතිවන බලය වඩා ප්‍රබලකර ගත හැක.එනම් සංනායක කොයිල පොටවල් ප්‍රමාණය වැඩිවන විට ඒ සමග ඒමත ඇතිවන බලයද එම පොටවල් ප්‍රමාණයෙන් වැඩිවේ. පොටවල් N ප්‍රමාණයක් ඇත්නම් ඇතිවන බලය F=NBIL SIN වේ.
පෙරදී විස්තර කල ආකාරයට විදුලිය හා චුම්භකත්වය අතර සම්බන්දතාවයක් පවතී.එබැවින් මෝටර නිර්මාණය කිරීමේදී චුම්භක ක්ෂත්‍රය ඇති කිරීම සදහා ස්ථාවර චුම්භක යොදාගැනීම වෙනුවට කොයිල යොදාගෙන චුම්භක ක්ෂත්‍රය ඇති කරගනු ලබයි.
ඉහත කරුනු අනුව පෙනෙන කාරනය නම්, මොටරයක ක්‍රියාකාරිත්වය සිදු වන්නේ චුම්භක ක්ෂත්‍ර දෙකක ක්‍රියාකාරිත්වය හේතු කරගන චලනය සිදුවීම වේ.එනම් එය ස්ථාවර චුම්භක ක්ෂත්‍රය හා ධාරාව නිසා ඇතිවන චුම්භක ක්ෂත්‍රය මගින් හෝ ධාරා දෙකක් නිසා ඇතිවන චුම්භක ක්ෂත්‍ර දෙකේ ක්‍රියාකාරිත්වය ලෙස හදුන්වා දිය හැක.මෙම කුමන ආකාරයට සිදු වුවද සිදුවන්නේ චුම්භක ක්ෂත්‍ර දෙකක ක්‍රියාකාරිත්වය වේ.
ඇත්තටම ඉහත සදහන් කරන ලද ප්‍රධානම මෝටර වර්ග දෙක වන AC හා DC මෝටර වර්ග නිර්මාණය කිරීම සිදු කරනු ලබන්නේ මෙම චුම්භක ක්ෂත්‍ර දෙකේ ක්‍රියාකාරිත්වය වෙනස් කරමින් වේ.
එසේම විශේෂ කාර්ය සදහා නිර්මාණය කර ඇති මෝටර වර්ග ලෙස තවත් මෝටර වර්ගයක් ඇත.මෙම මෝටර වර්ගද ක්‍රියාත්මක වන්නේ චුම්භක ක්ෂත්‍රයේ ක්‍රියාකාරිත්වය මත වුවද මේවායේ ක්‍රියාකාරිත්වය ඉහත විස්තර කර මෝටරවල ක්‍රියාකාරිත්වයට වඩා වෙනස් ආකාරයකින් සිදු වේ.එම මෝටරවල ක්‍රියාකාරිත්වය පිළිබදව ඒවා පාලනය කරන ආකාරය පැහැදිලි කරන විට විමසා බලමු.