electronic sinhalen

සිංහල භාෂාවෙන් විද්‍යා හා තාක්ෂණ කරුණු ලබාදෙන, SENRO-TECH යුගයේ අපූර්වතම විද්‍යා හා තාක්ෂණ ගෙව්ශණය. SENROTECH is all about connecting you to the Technologies ©Copyrighted

Wednesday, March 18, 2020

Arduino සිංහලෙන් - 14

EEPROM memory - 2

Arduino යොදාගෙන EEPROM මතකයට දත්ත READ/WRITE කිරීම



EEPROM memory පිළිබදව සහ මයික්‍රෝකොන්ට්‍රෝලරයේ ඇති EEPROM memory යට දත්ත තැන්පත් කරන ආකාරය පිළිබද මිට පෙර විස්තරාත්මකව පැහැදිලි කිරීම් සිදු කරනු ලැබීය.මෙහීදී ද තවදුරටත් පැහැදිලි කිරීමට බලාපොරෝත්තු වන්නේ Arduino හි ඇති EEPROM memory යට දත්ත තැන්පත් කරන ආකාරය හා දත්ත ලබා ගන්නා ආකාරය පිළිබදව වේ.

Arduino පුවරු විශාල ප්‍රමාණයක් ඇති අතර මේ සෑම එකක්ම නිර්මාණය කර ඇත්තේ AVR මයික්‍රෝකොන්ට්‍රෝලරයක් යොදාගෙන වේ. එම නිසා මෙම විවිධ Arduino වල මයික්‍රෝකොන්ට්‍රෝලරයන්ට විවිධ ප්‍රමාණයේ EEPROM ඇත.උදාහරන ලෙස  ATmega328P මත බයිට් 1024 ක්, ATmega168 සහ ATmega8 මත බයිට් 512, ATmega1280 සහ ATmega2560 මත 4 KB (බයිට් 4096) ආදී ලෙස පවතී.

Arduino හි ඇති මෙම EEPROM memory යට දත්ත තැන්පත් කිරීම හා ලබාගැනීම සිදු කරන ආකාරය පිළිබදව දැනගැනීම සදහා මෙහිදීද Arduino Uno පුවරුව යොදාගෙන මෙය සිදු කරන ආකාරය විමසා බලමු.

Arduino හී ඇති අනෙකුත් එකක යොදාගෙන වැඩසටහන් සකස් කිරීමේදී මෙන් නොව  EEPROM මතකය සදහා දත්ත read/write කිරීම සදහා කිසිම අමතර පරිපථ කොටසක් අවශ්‍ය නොවේ.එය වැඩසටහන ගොඩනැගීමේදී වැඩසටහන මගින් සිදු කරනු ලබයි. ඒ සදහා  EEPROM Library එක යොදාගනු ලබයි.

EEPROM Library


Arduino නිර්මාණ කරුවන් විසින් EEPROM මතකය සදහා දත්ත read/write කිරීම පහසුවෙන් සිදු කර ගැනීම සදහා EEPROM Library එකක් නිර්මාණය කර ඇත.ඒ අනුව මෙම Library එක යොදාගෙන වැඩසටහන් ගොඩ නැගීමේදී ද ප්‍රථමයෙන් කල යුතු වන්නේ මෙම Library එක වැඩසටහනට ඇතුලත් කර ගැනීමයි.ඒ සදහා #include <EEPROM.h> යොදාගත හැක.

පහත දැක්වෙන්නේ මම Library එකේ යොදාගනු ලබන EEPROM මතකය සදහා  දත්ත read/write කිරීමේදී යොදාගැනෙන function වේ.


read () :-මෙහිදී  EEPROM වෙතින් බයිට් එකක් කියවනු ලබයි.
Syntax - EEPROM.read (address) මෙහි address යනු EEPROM මතකයේ දත්ත read කරන ස්ථානය වන අතර එය 0 සිට ආරම්බ වේ.

write () :- මෙහිදී EEPROM වෙත බයිට් එකක් තැන්පත් කිරීම සිදුකරනු ලබයි.
Syntax - EEPROM.write(address, value) මෙහි address යනු EEPROM මතකයේ දත්ත write කරන ස්ථානය වන අතර එය 0 සිට ආරම්බ වේ. Value යනු තැන්පත් කැනු ලබන බයිට් එකක අගය වේ.

Update ():-මෙහිදී ද දත්ත තැන්පත් කිරීම සිදු කරනු ලබන අතර එහෙත් මෙහිදී දත්ත තැන්පත් කිරීම සිදු කරනු ලබන්නේ අදාල address එකේ දත්තය වෙනස් නම් පමණි.
Syntax - EEPROM.update (address, value)

get () :-මෙය යොදාගනු ලබන්නේ  EEPROM වෙතින් ඕනෑම දත්ත වර්ගයක් කියවීම සදහා වේ.
Syntax - EEPROM.get(address, data)

put () :- මෙය යොදාගනු ලබන්නේ  EEPROM වෙතට ඕනෑම දත්ත වර්ගයක් ලිවීම සදහා වේ.
Syntax - EEPROM. put (address, data)

EEPROM[] :- මෙය මගින් EEPROM මතකයට දත්ත  කෙලින්ම read/write අවස්ථාව දෙනු ලබයි.
Syntax - EEPROM[address] මෙහි address යනු EEPROM මතකයේ දත්ත read/write කරන ස්ථානය වන අතර එය 0 සිට ආරම්බ වේ.


Arduino යොදාගෙන EEPROM මතකයට දත්ත read/write කිරීම 

මෙම වැඩසටහන මගින් සිදු කරනු ලබන්නේ Arduino හී 7 වන පින් එකට සම්බන්ද සුවිචය වරක් එබීම සිදු කල විට Arduino හී  EEPROM මතකයේ 0 සිට 9 දක්වා ඇති memory location වලට දත්ත ඇතුලත් කිරීම සිදු කරනු ලබයි.ඉන් පසු එම දත්ත Arduino හී 8 වන පින් එකට සම්බන්ද සුවිචය එබීම මගින් LCD එකේ එකින් එක  ප්‍රදර්ශණය කරන ආකාරයේ වැඩසටහනකි.