electronic sinhalen

සිංහල භාෂාවෙන් විද්‍යා හා තාක්ෂණ කරුණු ලබාදෙන, SENRO-TECH යුගයේ අපූර්වතම විද්‍යා හා තාක්ෂණ ගෙව්ශණය. SENROTECH is all about connecting you to the Technologies ©Copyrighted

Friday, February 7, 2020

microcontroller sinhala - මයික්‍රෝකොන්ට්‍රෝලර්ස් (pic microcontroller programming) - 34

pic microcontroller UART communication -3(PIC to PC Communication using UART MikroC)

RS232 ක්‍රමයට පරිඝණකය හා මයික්‍රෝකොන්ට්‍රෝලරයට අතර දත්ත හුවමාරු කර ගැනීම


මයික්‍රෝකොන්ට්‍රෝලර තුල ඇති UART සිරියල් සංනිවේදන ඒකකයක් තිබීමේ ප්‍රධානම වාසිය වන්නේ මයික්‍රෝකොන්ට්‍රෝලර යොදාගෙන නිර්මාණය කරන පරිපථ පරිඝණකය හා සම්බන්ද කිරීමට හැකිවීමයි.ඒ අනුව මෙහිදී අත්වන ප්‍රධාන වාසිය වන්නේ අප විසින් නිර්මාණය කරන  මයික්‍රෝකොන්ට්‍රෝලර පද්ධතිය පරිඝණකය විසින්(පරිඝණක ගත වැඩසටහනක්යොදාගෙන) පාලනය කල හැකි වීමයි.මීට අමතරව තවත් වාසි රැසක් මින් අත්පත් වේ.

පරිඝණකය සතුව විවිධ අමතර උපාංග සම්බන්ද කර සංනිවේදනය කිරීම සදහා සංනිවේදන ඒකක(I/O ports) කිහිපයක්ම පිහිටවා ඇත.මෙහිදී සලකා බලනු ලබන්නේ RS232 ක්‍රමයට සිරියල් පෝට් එක යොදාගෙන සංනිවේදනය කරන ආකාරය වේ.
 
නවීන පරිඝණක වල මෙම සිරියල් පෝට් එක දක්නට නොමැති අතර ඒ සදහා USB port එකට සම්බන්ද කල හැකි USB to seriol port  අඩු මුදලකට වෙළද පොලෙන් ලබා ගත හැක.
සාමාන්‍යයෙන් පරිඝණකය සමග උපාංගයක් සම්බන්ද කරනු ලබන්නේ පරිඝනකය මගින් එය හැසිරවීම සදහා වේ.ඒ සදහා පරිඝණකගත වැඩසටහනක් අවශ්‍ය වේ.ඒ අනුව මයික්‍රෝකොන්ට්‍රෝලරය හා පරිඝනකය සම්බන්ද කර සංනිවේදනය සිදුකර ගැනීම සදහාද පරිඝණක ගත වැඩසටහනක් අවශ්‍ය වේ.hyperterminal යනු එලෙස RS232 ක්‍රමයට සිරියල් පෝට් එක මගින් සංනිවේදනය හැසිරවිය හැකි කුඩා පරිඝණක වැඩසටහනකි.

Hyperterminal මෘදුකාංගය

මෙම මෘදුකාංගය වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතිය සහ ඊට පෙර ඇති මෙහෙයුම් පද්දති  සමග නොමිලේ ලැබෙන මෘදුකාංගයක් වන අතර ඊට පසුව ඇති  මෙහෙයුම් පද්දති  සමග යොදාගැනීම සදහා මෙම මෘදුකාංගය නොමිලේම අන්තර්ජාලයෙන් ලබා ගත හැක.ඒ අනුව පහත දැක්වෙන්නේ Hyperterminal මෘදුකාංගය යොදාගන්නා ආකාරය වේ.
පහත දැක්වෙන්නේ Hyperterminal මෘදුකාංගය ක්‍රියාත්මක කලපසු පළමුව දිස්වන ආකාරයයි.එහි දැක්වෙන සැකසුම් සකසා OK කල විට Hyperterminal මෘදුකාංගය විවෘත්ත වේ.
මෙහි bit per Second ලෙස දක්වා ඇත්තේ මෙම සංනිවේදනයේදී වැදගත්ම සාදකය වන Baud Rate එක වේ. එය 9600 ලෙසද,data bit ගණන 8 ලෙසද,මෙම සංනිවේදනයේදී parity බිට් එකක් යොදානොගන්නා නිසා එය none ලෙසද,stop bits 1 හා flow control එක none ලෙසද සැකසුම් සකස්කර ගත යුතුය.ඉන් අනතුරුව ok කරගත් පසු පහත ආකාරයට Hyperterminal මෘදුකාංගය විවෘත්ත වේ.
මෙහි ක්‍රියාකාරිත්වය පරික්ෂා කරගැනීම සදහා ,පරිඝණකයේ සිරියල් පෝට් එකේ Tx හා Rx පින් ලුහුවත් කර (short කර) key bode එකේ key එකක් ඔබන විට එයට අදාල අකුර Hyperterminal එකේ දිස්වන් දැකගත හැක.මෙහිදී සිදුවන්නේ  key එකක් ඔබන විට එයට අදාල බිට් පැටන් එක සිරියල් පෝට් එකේ Tx පින් එක හරහා ගමන් කර Rx පින් එක හරහා (Tx හා Rx පින් ලුහුවත් කර ඇති නිසා) නැවත පරිඝණකයට පැමිණිම නිසා එය Hyperterminal එකේ දිස්වේ.

මයික්‍රෝකොන්ට්‍රෝලරය හා පරිඝනකය සම්බන්ද කිරීම

මයික්‍රෝකොන්ට්‍රෝලරය හා පරිඝනකය සම්බන්ද කිරීමේදී පැන නගින ප්‍රධාන ප්‍රශ්ණය නම්, මයික්‍රෝකොන්ට්‍රෝලරය හා පරිඝනකය බිට් නිරූපණය කිරීම සදහා යොදාගනු ලබන්නේ වෙනස් වෝල්ටීයතා මට්ටම් වීමයි.එනම් මයික්‍රෝකොන්ට්‍රෝලරය බිට් පැටන් නිරූපණය සදහා 0v (0) හා 5v (1) වොල්ටීයතා මට්ටම් යොදාගනු ලබන අතර  හා පරිඝනකය බිට් නිරූපණය කිරීම -12v (0) හා +12v (1) වොල්ටීයතා මට්ටම් යොදාගනු ලබයි.මේ හේතුව නිසා පරිඝණකයේ සිරියල් පෝට් එකේ Tx හා Rx පින්  හා මයික්‍රෝකොන්ට්‍රෝලරයේ  Tx හා Rx පින්  කෙලින්ම සම්බන්ද කල නොහැක.එමනිසා මෙම වෝල්ටීයතා මට්ටම් ගැලපීම සදහා අමතර පරිපථ කොටසක් අවශ්‍ය වේ.MAX232 මගින් මෙම කාර්ය සිදු කරගත හැක. ඒ අනුව පහත දැක්වෙන්නේ මයික්‍රෝකොන්ට්‍රෝලරය පරිඝනකයේ සිරියල් පෝට් එකට සම්බන්ද කිරීමට අදාල පරිපථ සටහන වේ.

මයික්‍රෝකොන්ට්‍රෝලරය හා පරිඝණකය සම්බන්ද කර සංනිවේදනය කිරීම

මෙම වැඩසටහන මගින් සිදු කරනු ලබන්නේ,  පරිඝණකයේ යතුරු පුවරුවේ space යතුර ඔබන විට මයික්‍රෝකොන්ට්‍රෝලරයට සම්බන්ද LED එක දැල්වෙන අතර Esc යතුර ඔබන විට LED එක නිවෙන ආකාරයේ වැඩ සටහනකි.පහත දැක්වෙන්නේ මෙයට අදාල පරිපථ සටහන වේ.

 MikroC code

මෙහිදී space key එක හා ESC key  එකට අදාල බිට් පැටන් පමණක් ලැබුන විට led එක දැල්වීම හා නිවීම සිදු කරනු ලබයි.පහත දැක්වෙන්නේ ASCII එකට අදාලව පරිඝණකයේ keyboard එකේ key වලට අදාලව ඉදිරිපත් කර ඇති බිට් පැටන් වේ.
 

ASCII(American standard for assigning each keyboard symbol)