electronic sinhalen

සිංහල භාෂාවෙන් විද්‍යා හා තාක්ෂණ කරුණු ලබාදෙන, SENRO-TECH යුගයේ අපූර්වතම විද්‍යා හා තාක්ෂණ ගෙව්ශණය. SENROTECH is all about connecting you to the Technologies ©Copyrighted

Sunday, May 12, 2019

microcontroller sinhala - මයික්‍රෝකොන්ට්‍රෝලර්ස් (pic microcontroller programming) - 30


PIC16F877A මයික්‍රෝකොන්ට්‍රෝලරයේ ඇති ADC ඒකකය 


#

#



PIC16F877A මයික්‍රෝකොන්ට්‍රෝලරය යොදාගෙන ADC පරිවර්තනය කිරීම

මෙම වැඩසටහන මගින් සිදු කරනු ලබන්නේ PIC16F877A මයික්‍රෝකොන්ට්‍රෝලරයේ 4 වන පින් එකට ඇනෙලොග් සංඥාවක් ලබා දී එය LCD DISPLAY  එකකින් එය ප්‍රදර්ශනය කර ගැනීමයි.පහත දැක්වෙන්නේ මෙයට අදාල පරිපථ සටහන වේ



මෙහි  ඇනෙලොග් සංඥාව ලබා දීම සදහා යොදගෙන ඇත්තේ විචල්‍ය ප්‍රතිරොධයකි.එමගින් මයික්‍රෝකොන්ට්‍රෝලරයේ 4 වන පින් එක මත වොල්ටීයතාවය 0V සිට 5V අතර  වෙනස් කල හැක.එහිදී එම වොල්ටීයතාවය සහ එයට අදාල ඩිජිටල් අගය LCD DISPLAY   එකේ ප්‍රදර්ශනය කෙරේ.

(මෙහි දී යොදාගැනෙන උපරිම හා අවම වෝල්ටීයතාවයන් Vref+ හා Vref- මගින් වෙනස් කර ගත හැක.ඒවා සක්‍රීය කරගැනීමට ADCON1 රෙජිස්ටරයේ VCFG1 හා VCFG0 බිට් දෙක යොදාගනු ලබයි.මේවා සක්‍රීය කිරීම සදහා තාර්වික 1 යොදනු ලබන අතර එවිට උපරිම හා අවම වෝල්ටීයතාවයන් වන්නේ අප විසින් සකස් කරන reference වෝල්ටීයතාවයන් වේ.මෙම බිටු සකස් කිරීම් සිදු කර නොමැති විට උපරිම හා අවම වෝල්ටීයතාවයන් ලෙස යොදාගනු ලබන්නේ මයික්‍රෝකොන්ට්‍රෝලරයේ සැපයුම් වෝල්ටීයතාවයේ උපරිම හා අවම වෝල්ටීයතාවයන් වේ. ) 

මෙහි ADC පරිවර්තනය සදහා බිට් 10 යක් යොදාගන්නා නිසා මෙහිදී එකිනෙකට වෙනස් බිට් දහයේ අගයන් 1024 ක් නිර්මාණය කරගත හැක.ඒ අනුව මෙහි  resolution එක වන්නේ


මේ අනුව සෑම 4.887mv ප්‍රමාණයේ වෝල්ටීයතාවයේ වෙනසකින් බයිනරි වටිනාකමේ එක් වෙනසක් සිදු වේ.ඒ අනුව මෙහි උපරිම අගය වන 5v වෝල්ටීයතා අගය 1111111111 මගින්ද අවම අගය වන 0v වෝල්ටීයතා අගය 0000000000 මගින්ද පෙන්නුම් කරනු ලබයි.