electronic sinhalen

සිංහල භාෂාවෙන් විද්‍යා හා තාක්ෂණ කරුණු ලබාදෙන, SENRO-TECH යුගයේ අපූර්වතම විද්‍යා හා තාක්ෂණ ගෙව්ශණය. SENROTECH is all about connecting you to the Technologies ©Copyrighted

Saturday, November 10, 2018

Arduino සිංහලෙන් -1

හැදින්වීම







ආර්ඩියුනෝ යනු අප රට තුලද ඉතා ඉක්මණින්ම ජනප්‍රිය වුණ උපාංගයක් වේ.එම නිසා අද වන විට ආර්ඩියුනෝ කියන්නේ එතරම් අළුත් මාතෘකාවක් නොවන නමුත් නව නිර්මාණයන් සිදු කිරීමේදී පරිපථ නිර්මාණය සදහා අවශ්‍ය වන විෂය ක්ෂේත්‍රයක් වේ.එම නිසා ආර්ඩියුනෝ යොදාගෙන පරිපථ නිර්මාණය කරන ආකාරය පිළිබදව සලකා බලමු.


Arduino එක යනු සරලව හදුන්වා දෙනවා නම් පරිඝනකය විසින් ක්‍රමාලේඛනය (Programming) කළ හැකි පරිපථ පුවරුවකි.මෙමගින් සරල LED පරිපථයක් ගොඩනැගීමේ සිට සංකීර්න රොබෝවරු නිර්මාණය කිරීම දක්වා පුලුල් පරාසයක ඉලෙක්ට්‍රොණික නිර්මාණ සිදු කල හැක.ඒ අනුව මෙම පරිපථය නිර්මාණ කර ඇත්තේ ද මයික්‍රොකොන්ට්‍රෝලරයක් යොදාගෙන වේ.මෙහි ඇති විශේෂත්වය වන්නේ  USB කේබල් එකක් මගින් පරිඝණකය හා සම්බන්ද කර පරිඝණකගත වැඩ සටහනක් ආධාරයෙන් වැඩසටහන සකස් කර පහසු වෙන් එයට ඇතුලත් කර වැඩසටහන ක්‍රියාත්මක කර ගත හැකි වීමයි.


PIC මයික්‍රොකොන්ට්‍රෝලර programming කරන විට ඉගෙනගත් ආකාරයට සාමාන්‍යයෙන් මයික්‍රොකොන්ට්‍රෝලර සදහා වැඩසටහන් සකස් කර ගැනීම සදහා දෘඩාංග හා මෘදුකාංග කිහිපයක් අවශ්‍ය වේ. 

එනම්  මයික්‍රොකොන්ට්‍රෝලර සදහා  වැඩසටහන සකස් කර එය යාන්ත්‍රක භාෂාවට හරවීම සදහා compiler softwear එකක්, යාන්ත්‍රක භාෂාවට හරවා ගත් වැඩසටහන මයික්‍රොකොන්ට්‍රෝලරය තුලට ඇතුලත් කර ගැනීම සදහා පරිඝණකය හා මයික්‍රොකොන්ට්‍රෝලරය සම්බන්දකිරීම සදහා දෘඩාංග කොටසක් (programmer) සහ එය හැසීරවීම සදහා පරිඝණකගත වැඩසටහනක් (programmer softwear),එලෙසම මයික්‍රොකොන්ට්‍රෝලරය සදහා පරිපථයක් යන කොටස් අවශ්‍ය වේ.


Arduino එක නිර්මාණය කර ඇත්තේ, මෙම පරිපථ කෙටස් සියල්ලම එකම පරිපථ පුවරුවක නිර්මාණය කිරීමෙන් සහ ඒ සදහා වැඩසටහන් සකස් කර එයට ඇතුලත් කර ගැනීම සදහා ඒ සදහාම විශේෂයෙන්ම නිර්මාණය කරන ලද පරිඝණත ගත වැඩසටහනකින් වේ.ඒ අනුව Arduino එක යොදාගෙන වැඩසටහන් සකස් කිරීම සදහා අවශ්‍ය වන්නේ Arduino පරිපථ කොටස සහ ඒ සදහා වැඩසටහන් කරනය සදහා softwear එක වේ.ඒ අනුව මෙහිදී කල  යුත්තේ softwear  එක ආධාරයෙන් සුදුසු වැඩ සටහනක් සකස්කරගෙන usb කේබල් එකක් අධාරයෙන් Arduino එක හා පරිඝණකය සම්බන්ද කර වැඩසටහන එයට ඇතුලත් කර ගැනීම පමණි.