electronic sinhalen

සිංහල භාෂාවෙන් විද්‍යා හා තාක්ෂණ කරුණු ලබාදෙන, SENRO-TECH යුගයේ අපූර්වතම විද්‍යා හා තාක්ෂණ ගෙව්ශණය. SENROTECH is all about connecting you to the Technologies ©Copyrighted

Friday, October 20, 2017

electronic sinhala lesson - ඉලෙක්ට්‍රොනික්ස් 35

active electronics components  

ට්‍රාන්සිස්ටරය (Transistor) - 1  (transistor types and symbols)





ට්‍රාන්සිස්ටරය යනු ඉලෙක්ට්‍රොණික ක්ෂේත්‍රයම උඩුයටිකුරු කල අපූර්වම සොයාගැනීමකි. ට්‍රාන්සිස්ටරය නොමැතිව කිසිම වැදගත් ඉලෙක්ට්‍රොණික පරිපථයක් නිර්මාණය කිරීමට නොහැකි තරම්ය. ට්‍රාන්සිස්ටර යොදාගෙන සරල විද්‍යුත් ස්විච්,සංඥා වර්ධක පරිපථ වල සිට ඩිජිටල් තාර්වික පරිපථ ආදී විශාල පරිපථ ප්‍රමාණයක් ට්‍රාන්සිස්ටර යොදාගෙන නිර්මාණය කරනු ලබයි.

තවද පරිගණක මතකයන්,මයික්‍රොප්‍රෙසෙසර් ආදී නොයෙක් සංකීර්ණ  IC නිර්මාණය කරන්නේද ට්‍රාන්සිස්ටර දහස් ගණනින් මිලියන ගණනින් බිලියන ගණනින් එකට සම්බන්ද කිරීමෙනි. අද පවතින මෙම ස්මාර්ට් ඉලෙක්ට්‍රොණික ක්ෂේත්‍රයේ දියුණුවට ප්‍රධානම හේතුව වී ඇත්තේ අර්ධසංනායක තාක්ෂණය මගින් දහස් ගණනින් ට්‍රාන්සිස්ටර පරිපථ කුඩා IC එකක් ලෙස නිර්මාණය කිරීමට හැකිවීමයි.

ට්‍රාන්සිස්ටර බිහිවීමට පෙර ට්‍රාන්සිස්ටර වල කාර්ය කරගණු ලැබුවේ රික්තක නල විසිනි.එහෙත් රික්තක නල තාක්ෂණයට වඩා අර්ධසංනායක මගින් නිර්මාණය කරන මෙම ට්‍රාන්සිස්ටර තාක්ෂණය සියදහස් ගුණයකින් ඉදිරියෙන් පවතී.

ට්‍රාන්සිස්ටරද යනු ද  අර්ධසංනායක යොදාගෙන සාදන උපාංගයකි. පොදුවේ ගත් කල  සෑම ට්‍රාන්සිස්ටරයකම අග්‍ර තුනක් පවතින අතර මෙම අග්‍ර අර්ධසංනායක කොටස් සමග සම්බන්ද වේ.මෙම අර්ධසංනායක කොටස් P හා N වර්ගයේ අර්ධසංනායක කොටස් වලින් සම්බන්ද වේ.ඒ අනුව ට්‍රාන්සිස්ටරද නිපදවනු ලබන්නේ P-N සංධි මත පදනම් කරගෙන වේ.එම නිසා P-N සංධි හා සම්බන්ද සියලු කරුනු මේ සදහාද අදාල වේ.

P-N සංධි වල ක්‍රියාකාරිත්වය සිදුකරන ප්‍රධාන වාහක වන්නේ ඉලෙක්ට්‍රෝණ හා කුහර යන දෙවර්ගය වේ.ඒ අනුව මෙම යොදාගනු ලබන වාහක අනුව ට්‍රාන්සිස්ටර වර්ග දෙකකට වෙන් කරනු ලබයි.එනම් ද්විධ්‍රැවීය ට්‍රාන්සිස්ටර හා ඒකධ්‍රැවීය ට්‍රාන්සිස්ටර ලෙස වේ. ඒවා BJT හා FET ලෙස කෙටියෙන් හදුන්වනු ලැබේ.

1.ද්විධ්‍රැවීය ට්‍රාන්සිස්ටර - Bipolar Junction Transistor(BJT)
2.ඒකධ්‍රැවීය ට්‍රාන්සිස්ටර - Field Effect Transistor(FET)


මෙහි BJT ට්‍රාන්සිස්ටර වල ක්‍රියාකාරිත්වයට ඉලෙක්ට්‍රෝණ හා කුහර යන දෙවර්ගයම දායකවන  නිසා ඒවා ද්විධ්‍රැවීය ට්‍රාන්සිස්ටර ලෙස හදුනුවනු ලබන අතර  FET ට්‍රාන්සිස්ටර වල ක්‍රියාකාරිත්වයට මෙම ඉලෙක්ට්‍රෝණ හා කුහර යන  වර්ග දෙකෙන් එකක් පමණක් සහභාගි වන නිසා මෙම ට්‍රාන්සිස්ටර ඒකධ්‍රැවීය ට්‍රාන්සිස්ටර ලෙස හදුන්වනු ලබයි.